21ට බාලගිරි දෝෂේ

21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමතවී ඊළඟ ක්‍රියාවලිය වෙත ප්‍රවේශ වීම එන්න එන්නම කල් යමින් තිබෙන අතර ඒ අනුව පසුගිය 13 දා පැවති කැබිනට් රැස්වීමේදී ද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරගෙන නොමැති බව වාර්තා වේ. මෙම සම්මත නොකර ගැනීමට හේතුව ලෙස ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අවශ්‍ය නිසා එලබෙන බ්‍රහස්පතින්දා දිනයේ දී ද මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් පවත්වෙන බව වාර්තා වෙයි. මේ අනුව එලබෙන සඳුදා දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සඳහා අනුමැතිය…

Read More

20 අහෝසි කරනු! සිවිල් සමාජ සංවිධාන ආණ්ඩුවට කියයි

Abolish the 20th Amendment! Civil society organizations tell the government

ඒකාධිපති ස්වරූපයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනා කළ සංශෝධන සහ විපක්ෂයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි සඳහන්ව ඇති කරුණු ද සැලකිල්ලට ගනිමින් යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරිකයන් ගණනාවක් විසින් නිවේදනයක් නිකුත් කොට ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවටත් පත් වෙමින් එය මානව ඛේදවාචකයක දිශාවකට යොමු වෙමින් පවතින බව ආණ්ඩුවේ ප්‍රකාශ මගින්ද පෙනී යන බව…

Read More

රනිල් ගැන තව කතාවක්…!

පස් පාරක් අගමැති වෙලා රනිල් මොකද කළේ කියන එක මේ දවස්වල ජෙප්පන්ගෙ එහෙම රෙටොරික් ප්‍රශ්නයක්. ඕක අහන උන් ඒක ඇත්තට විශ්වාස කරනව ද, නැත්තං හැමෝම කියවන එක හිතන්නැතුව ඔහේ රිපීට් කරනව ද, නැත්තං ඇත්ත දැන දැන කාගෙ හරි ප්‍රොපගැන්ඩා ප්‍රොජෙක්ට් එකක් කරනව ද? මේ තියෙන්නෙ රනිල් අගමැති වුණු පස් වතාව: 1993 – ප්‍රේමදාස මළා ම මැතිවරණයක් දක්වා ඊළඟ කාලය ඇදගෙන යන්න. එතන දි මැතිවරණය පවත්වලා ස්මූත් පවර් ට්‍රාන්සිෂන් එකක් කරනවට වඩා දෙයක් කරන්න තිබුණ කියල මම හිතන්නෙ නෑ. ඒක කළා. 2001 – ඍණ මට්ටමට ගිහින් තිබුණ ආර්ථිකය ආපහු යථා තත්ත්වයට…

Read More

ඊයේ මුදල් ඇමති ගෝඨා, අද රනිල්…!

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන්නේ යැයි ප්‍රකාශ වීමත් සමග පැමිණි ජනතා විරෝධය නිසා අද (25) දිනයේ දී මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ හට පිරිනමා ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම අමාත්‍යාංශයේ දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිදුවී ඇත. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද සහභාගී වී ඇත.

Read More

රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කිඹුල් දේශපාලන ජීවිතය

දේශපාලන වාර්තා තැබීම ලේසිපාසු කටයුත්තක් නොවේ. එහෙත් රනිල් වික්‍රමසිංහට දේශපාලන වාර්තා තැබීම කජු කනවා තරම්පහසු දෙයකි. ඔහුගේ අලුත්ම දේශපාලන ලෝක වාර්තාව වන්නේ ඔහු මිට සතියකට පෙර අගමැති තනතුරට පත් වීමෙනි. ඔහු මේතනතුරට පත් වෙද්දී ඔහු නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂයට තිබුනේ ඔහු නියෝජනය කළ මන්ත්‍රී ධූරය පමණි. එය ලබාගැනීමටත් රනිල් 2020 මහාමතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ චන්ද 30,000 පමණි මේ නිසා ජාතිකලැයිස්තුවෙන් පැමිණීම මෙන්ම ඔහුගේ අගමැති තනතුර ද බෝනස් හෙවත් ප්‍රසාද දීමනාවකි. ඔහුගේ දේශපාලන උපායන්සමවන්නේ කිඹුල් දඩයම් වලටය. කිඹුලා දඩයම කරගන්නා තෙක් ඉවසිලලෙන් මාන බලන්නේ ය. අවසානයේ ගොදුර තමන්…

Read More

ඇමරිකානු බළල් අත්, ඉන්දියානු උකුසු ඇස් හා චීන මකරු

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (7 කොටස)  භූ දේශපාලනය‘ නම් යෙදුමට අදාල මාතෘකාව සරළමතිකව ජනප්‍රිය ලිබරල් දේශපාලනය තුළ නම් කෙරෙන්නේ ‘අන්තර්ජාතිකසබදතා‘ හෝ ‘ජාත්‍යන්තර, විදේශ සබදතා කලමනාකරණය‘ ආදී ලෙසිනි. මේ එළඹුමට වෙනස්ව භූ දේශපාලනය නම් යෙදුමමජාතික රාජ්‍යන් අතර බලඅරගලයේ සංකීර්ණතාවට අවධානය යොමු කිරීමට බල කරයි. නැතහොත් ජාත්‍යන්තර සාධකය වඩාසංකීර්ණව තේරුම් ගැනීමට යෝජනා කරයි. ලංකාව සම්බන්ධයෙන් භූ දේශපාලනික උනන්දූන් අධිපති සාධක කීපයක් මතපදනම්ව ඇත. ඒ බුද්ධි තොරතුරු කේන්ද්‍රයක් ලෙසත් දේශපාලන ආර්ථික හා කලාපීය බල දේශපාලනය තහවුරු කරගැනීමත් නම්සාධක මූලිකවය.   ලංකාවේ දේශපාලන ව්‍යුහය සැලකීමේදී ග්‍රාමසේවා, ප්‍රාදේශීය සභා, නගරසභා, පළාත්සභා හා පාර්ලිමේන්තුව ලෙස අවසානඒකකයත්…

Read More

අවශ්‍යම අය පමණක් වැඩට එන්න..

අත්‍යඅවශ්‍ය රජයේ සේවකයන් හැර අනෙක් රජයේ සේවකයන් සේවයට වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා ඇත. එසේම සියලුම ජනතාව තමන්ගේ අත්‍යවශ්‍ය නොවන  ගමන් බිමන් යෑමෙන් වළකින ලෙස ද අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත. එනම් පෙට්‍රල්  සහ ඩීසල් හිඟයට විසඳුමක් ලබා ගන්නා තුරු මේ පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Read More

රාජපක්ෂලා අරගලය කුඩු කරපු හැටි

රනිල්ද සජිත්ද නැත්තං වෙන කවුද ආදී වශයෙන් ලොකු නම් තරගයක් යනවා. තාමත් අගමැතිවරයා දිවුරුම් දීලා නෑ. අපි ඉන්නෙඉතාම භයානක අස්ථාවරත්වයක. ඒත් අවාසනාවකට රටේ අරගලය කරන පිරිස්වලට වගේම ජවිපෙ සජබෙ ආදී ප්‍රධානපක්ෂවලටත් මේ අවදානම තේරෙන්නෙ නැහැ. අනුර සහ සජිත් දෙන්නම තමන්ගේ කොන්දේසිවල ලියන්නේ ගෝටා අයින් වුනොත්තමන් ආන්ඩුව බාරගන්නවා කියලයි. ඒත් ආන්ඩුව බාරගෙන ව්‍යවස්ථානුකූලව ගෝටා එළවීමේ අභියෝගය කිසි කෙනෙක්බාරගන්නෙ නෑ. රනිල් ආන්ඩුව බාරගන්න කැමති බව ප්‍රකාශ කරලා තිබුන. එතකො‍ට බටලන්දයි, බැඳුම්කරයි, මහින්දගෙ යාලුවොයි ආදී වශයෙන්චෝදනා ලැයිස්තුවක් සෝෂල් මීඩියා හරහා පැතිරෙන්න ගත්තා. තව සමහරු රනිල් විසින් නාමල්ට පාර කපනු ඇතැයි කිව්වා.  මේ හැම…

Read More

Hour of Big Players!!!

අවාසනාවකට රනිල් තේරුම් ගැනීමට මට උපකාර වන්නේ මගේ ම අත්දැකීම් ම ය. රනිල්ට මේ මොහොත හැසිරවීමට සුක්කානමලැබෙන්නේ ඇයි? මේ මගේ කතාවයි. එකල මට වයස 19කට කිට්ටුය. මම ප්‍රයිවට බස් එකක කොන්දොස්තර ලෙස වැඩ කරමින් සිටියෙමි. මට රථය එලවීමට ද තරමකහැකියාවක් තිබිණි. උදේ පාන්දර කටුබැද්දේ සිට පිළියන්දල දක්වා රථය එළවාගෙන යාමට මට හැකියාව තිබුණි. ඒ නිසා මමත්රියැදුරෙක් ය යන ආඩම්බරකාරී හැගීම මට යහමින් තිබුණි. දිනක් රාත්‍රියක මට වඩා ලාබාල එහෙත් වාහන එළවීමට මට වඩාපරිචයක් ඇති මගේ අසැල්වැසි ගැටයෙක් අමතා වාහනය අයත් මගේ ඥාතියා නිවසට පැමිණි ඥාති පිරිසක් ඇරලා එන මෙන්ඔහුගෙන් ඉල්ලා…

Read More

“මේ හදන්නේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න” ඕමල්පේ සෝභිත හිමි

අද (11) හවස රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමේ සූදානමක් තිබෙන බවත් එහි අරමුණ රාජපක්ෂලා ආරක්ෂාකිරීම බවත් ප්‍රකාශ කරන ඕමල්පේ සෝභිත හිමියන් එම තීරණය හකුලා ගන්න යැයි ජනාධිපතිවරයාට බලකර සිටිති.  ජනතා අප්‍රසාදයට පත්වී ඇති ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු එන්නට නොහැකි පුද්ගලයෙක් අගමැති ධුරයට පත්කරන්නේකෙසේදැයි ප්‍රකාශ කරන ඒ හිමියන් එය ක්‍රම විරෝධී බවද සම්ප්‍රදාය විරෝධී බවද ජනතා අභිලාෂන් වලට පටහැනි බවදකියාසිටිති. ගෝල්ෆේස් අරගලය යනු එම භූමියේ සිටින සීමිත පිරිසකගේ අරගලයක් නොවෙන බවත් සමස්ත ජනතාවගේම පැතුම විශාලසමාජ පරිවර්තනයක් බවත් ප්‍රකාශ කරන ඒ හිමියන් අවධාරණය කරන්නේ යම් හෙයකින් ජනාධිපතිවරයා මෙම තීරණය ගතහොත්රටේ වර්තමානයේ උද්ගත…

Read More