රනිල් ජනාධිපති උනොත් රුවන් පාර්ලිමේන්තුවට

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා.ජා. සූදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එනම් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරයටපත්වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තුවෙහි හිස් වන ආසනය වෙනුවෙන් විජේවර්ධන හට අවස්ථාව ලැබීමට නියමිතය.

අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කිරීමෙන් අනතුරුවඔහුට නීතිය හා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරය ලබා දීමට සැලසුම් කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසන අතර, රුවන්විජේවර්ධන රනිල් වික්‍රමසිංහගේ සමීපතම ඥාතියෙකි.

Social Sharing
නවතම