ජනපති රනිල් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවෙයි

07 වන ඉන්දීය සාගර සමුළුවට එක්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පර්ත් නුවරදී ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් හමුවී තිබේ.

එහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, ආර්ථික නවීකරණ සැලසුම් සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම හමුවට එක්වූ ශ්‍රී ලාංකිකයින් දන්වා ඇත්තේ දේශගුණ විපර්යාස, සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රයන් මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා රජයට උදව් කිරීමට කැමති බවය.

මේ අතර මෙම සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් මහත්මිය අතර හමුවක් සිදුවී තිබේ.

Social Sharing
Uncategorized