රනිල් ගැන තව කතාවක්…!

පස් පාරක් අගමැති වෙලා රනිල් මොකද කළේ කියන එක මේ දවස්වල ජෙප්පන්ගෙ එහෙම රෙටොරික් ප්‍රශ්නයක්. ඕක අහන උන් ඒක ඇත්තට විශ්වාස කරනව ද, නැත්තං හැමෝම කියවන එක හිතන්නැතුව ඔහේ රිපීට් කරනව ද, නැත්තං ඇත්ත දැන දැන කාගෙ හරි ප්‍රොපගැන්ඩා ප්‍රොජෙක්ට් එකක් කරනව ද?

මේ තියෙන්නෙ රනිල් අගමැති වුණු පස් වතාව:

1993 – ප්‍රේමදාස මළා ම මැතිවරණයක් දක්වා ඊළඟ කාලය ඇදගෙන යන්න. එතන දි මැතිවරණය පවත්වලා ස්මූත් පවර් ට්‍රාන්සිෂන් එකක් කරනවට වඩා දෙයක් කරන්න තිබුණ කියල මම හිතන්නෙ නෑ. ඒක කළා.

2001 – ඍණ මට්ටමට ගිහින් තිබුණ ආර්ථිකය ආපහු යථා තත්ත්වයට ගත්තා. 2001 දි ක්‍රියාත්මක කරන්න පටන්ගත්ත “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩසටහන ඉන්ටර්නෙට් එකේ තියෙනව. ඒක කියවල බලන්න.

දැන් මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්න අවුරුදු විස්සකට විතර කලින් දැකල ඒක විසඳන්න කරපු ට්‍රයි එකක්. ඒ කරපු ප්‍රතිසංස්කරණ සෑහෙන ප්‍රමාණයක් ජේවීපියයි මහින්දයි එකතුවෙලා ආපහු හැරෙව්වා. ජෙප්පො එහෙම කියන විදියට යුද්ධෙ නවත්තලා උතුර ප්‍රභාකරන්ට ලියල දෙන්න ට්‍රයි කළත් ඒකට ප්‍රභාකරන් අකැමති වුණු නිසා රනිල් ව පැරැද්දුව නෙ ජනාධිපතිවරණෙන්.

2015 – අවුරුද්දක් දෙකක් ඇතුලත දැන් මේ තියෙන තත්ත්වෙ එන්න තිබුණ අවදානම පොඩ්ඩක් පස්සට දාලා යම් යම් ප්‍රතිසංස්කරණ පටන්ගත්තත් අවශ්‍ය තරම් දේවල් අවශ්‍ය වේගෙන් කෙරු⁣ණෙ නෑ කියලයි මම හිතන්නෙ.

ජනාධිපතිවරයාගෙ සහයෝගය නැති එක ඒකට හේතුවක් වෙන්න පුළුවන් වුණත් සහය දෙන්නෙ නැත්තං හොඳින් හෝ නරකින් සහය ගන්න පුළුවන්කම තියෙන්න ඕන කියලයි මම නම් හිතන්නෙ.

2018 – කුමන්ත්‍රණය පරද්දල ආණ්ඩුව ගත්තට පස්සෙ ඉතිං ජනාධිපතිත් එක්ක කැත්තට පොල්ල වගේ ඉඳගෙන ඉන්නව මිස මුකුත් කරන්න කාලයක් තිබුණෙ නෑනෙ.

මේ පාර තමයි පස්වෙනි පාර.

ඔය සමස්ථ කාලය පුරාම ලංකාවෙ තිබුණෙ විධායක ජනාධිපති ක්‍රමයක්. රනිල් කවදාවත් විධායක ජනාධිපති වෙලා ඉඳල නෑ. රනිල්ට අමතර ව අගමැති ධුරයෙ ඉඳල තියෙන්නෙ දිමු ජයරත්න, රත්නසිරි වික්‍රමනායක වගේ සෙට් එකක්. එතකොට අගමැති වෙලා රනිල් මොකද කළේ කියල අහනව නම් රනිල් කරපුවා කම්පෙයාර් කරන්න වෙන්නෙ දිමු ලා රත්නසිරිලා අගමැති හැටිය⁣ට ඉඳගෙන කරපුවට.

චන්දන ප්‍රසන්න

Social Sharing
නවතම විශේෂාංග