රන්ජන්ට ජන්දේ ඉල්ලන්න ටිකක් ඉවසන්න වෙයි!

ඊයේ (26) දින කොන්දේසි සහිතව ජනාධිපති සමාව  ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට වසර හතක් යනතුරුමැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස ප්‍රජා අයිතිය අහෝසි කොට තිබේ.

මේ පිළිබඳව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සඳහන් කර සිටියේ ජනාධිපති සමාව පූර්ණ වශයෙන් හිමි නොවුනද අවශ්‍යඅවස්ථාවකදී මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ඉඩ ලබාදිය හැකි බවයි.

එනම් ඔහු පවසා සිටියේ මීට පෙර සරත් ෆොන්සේකා හට ජනාධිපති සමාව පූර්ණ වශයෙන් ලබා නොදුන් බවත් පසුව දඬුවමඅහෝසි කල බවත් ඉන් අනතුරුව පූර්ණ නිදහස ලබා දුන් බවත්ය.

අනුව රන්ජන් රාමනායකට එසේ සිදුවිය හැකි බවද තව දුරටත් පැවසීය.

Social Sharing
නවතම