රනිල් පොහොට්ටුවට ඇමතිකම් දෙන්න පොරොන්දු වෙයි

ලබන බදාදා දින (20) පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මේ වන විට ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 8 දෙනකුට අගමැතිකම ලබා දෙන බව පොරොන්දු වී ඇති අතර තවත්මන්ත්‍රීවරුන් 54කට කැබිනට් ඇමතිකම් දෙනවා යනුවෙන් පොරොන්දු වී ඇති බවට වාර්තා වේ. එසේම මේ හැරෙන්නට අනෙකුත්සියලු දෙනාට රාජ්‍ය ඇමතිකම් ලබා දෙන බවට පොරොන්දු වී ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිධුරයට හිමිකම් ඇත්තේ එක් අයකුට පමණක් වන අතර කැබිනට්අමාත්‍ය සංඛ්‍යාව 30කටත් රාජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40කටත් සීමාවේ.

ඊයේ දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අතර තැන් තැන්වල පැන නැගුණු සාකච්ඡාවලදීරනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති මෙම පොරොන්දු පිළිබඳ හෙළිදරව් වී ඇති අතර එමගින් මන්ත්‍රීවරු බහුතරයක් අතර තමන්රවටා ඇති බවට දැඩි සැකයක් මතුව ඇත.

අගමැතිකම ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරු අතර කොළඹ, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරනපොහොට්ටු මන්ත්‍රීවරු තිදෙනෙකුද සිටින බව වාර්තා වේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙපළක් සහාය නොදේ යැයි සැක කරනපොහොට්ටු මන්ත්‍රීවරුන් අමතා මුදල් සහ විවිධ වරප්‍රසාද ලබාදෙන බවට දුරකථන ඇමතුම් ලබාදී ඇත. මන්ත්‍රීවරු කිහිප දෙනෙක්මෙම දුරකථන දුරකථන ඇමතුම් පටිගත කර ඇති අතර ඒවා මේ වන විටත් වෙනත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු අතට මෙන්මඅරගලයේ ක්‍රියාකාරිකයන් පිරිසක් අතට පත්ව ඇත.

1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 19 වගන්තියට අනුව පනත අනුවමෙයාකාරයෙන්පාර්ලිමේන්තු ජනාධිපතිවරණයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සෘජුව හෝ වක්‍රව බලපෑම් කිරීම යම්අපේක්ෂකයකුගේ අපේක්ෂකත්වය අහිමි වීමට මෙන්ම ඔහු ජයග්‍රහණය කළද ජනාධිපති ධුරය අහිමි වීමට හේතුවකි.

මේ දුරකථන පටිගත කිරීම් මේ වන විටත් ජනාධිපති නීතිඥ කණ්ඩායම් කිහිපයක් විශ්ලේෂණය කරමින් පවතින අතර සම්බන්ධයෙන් නීතිමය කටයුතු ඇරඹීමට පියවර ගෙන ඇත. එමෙන්ම ලබන බදදා ජනාධිපතිවරණයට පෙර එම දුරකථනඇමතුම් මාධ්‍ය සඳහා නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

( නිව්ස්පීඩියා)

Social Sharing
නවතම