රට ගොඩගන්න හැමෝම එකතු වෙන්න – ඩලස්

අද දින ආරම්භ වූයේ මතවාදෙන් ඔබ්බට ගොස් ආරම්භ උනු සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවන අරගලය ගොඩනැංවීම වෙනුවෙන් ඇප කැප වෙන බවත් අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන්ටද පොදු ගමනක් යාමට එක්වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විපක්ෂ නායකවරයා සමඟ අද (19) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී පැවසීය.

එසේම අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වැදීමට තීරණය කර සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ අදහස ඉවත් කරගෙන මේ මොහොතේ රටේ ජනතාව වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගත් බවත් පැවැසූ ඔහු මේ රටේ දේශපාලනයට සැබෑ නව සංස්කෘතියක් හඳුන්වා දීම වෙනුවෙන් කැපවන බව ද තවදුරටත් පැවසීය.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා දෙමින්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමත් රට ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් පෙරට රැගෙන යාමත් කටයුතු කරන බවයි. එසේම පෞද්ගලික දේශපාලන අභිලාෂ වෙනුවට රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වෙන ලෙසත් ඔහු සියළු දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටියේය.

Social Sharing
නවතම