මෙවර අයවැය යෝජනා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද දින (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංශෝධිත අතුරු අයවැයෙහි  සාරාංශය.

* ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමෙනි.

* 2025 වසර වන විට රාජ්‍ය ආදායම 15% කින් වැඩි කිරීමට අපේක්ෂිතය.

* වසර 25කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කෙරේ.

* ආදායම් වැඩිකිරීමට නව යෝජනා 2023 අයවැයට ඉදිරිපත් කෙරේ.

* අවුරුදු 18 වැඩි සියලුදෙනාට අනිවාර්යෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අවස්ථාව

* ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා අරමුදල් යෙදවේ.

* රාජ්‍ය සම්පත් සංවර්ධනය සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය‍ට පියවර

* රාජ්‍ය සේවකයින් හා අර්ධ රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනාකෙරේ.

* විදුලිය මඟින් ක්‍රියාකරන වාහන පමණක් රාජ්‍ය සේවා සඳහා යොදා ගැනේ.

* පොසිල ඉන්ධන භාවිත කරන වාහන ගෙන්වීම අත්හිටුවයි.

* එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 1 වනදා සිට 12% සිට 15% දක්වා ඉහළට.

* ආරක්ෂක උපාය මාර්ග සංශෝධනය සඳහා යෝජනා

* රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට රු.මි 200ක් වෙන් කෙරේ.

* රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අදාළ පාර්ලිමේන්තු කමිටුවක් හා අබලි ද්‍රව්‍ය බැහැර කිරීමට අධීක්ෂණ කමිටුවක්.

* රාජ්‍ය සම්පත් සංවර්ධනය සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණයට පියවර

* රාජ්‍ය වියදම් ක්‍රමවේදය අධීක්ෂණයට නව අධීක්ෂණ ක්‍රමවේදයක්.

* රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20% ක් තැම්පත් කරුවන් වෙත.

* ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වූවන් සඳහා ලබාදුන් සහනය ඉදිරි මාස 4 ලබාදීමට පියවර.

* භූමිතෙල් අර්බුදයෙන් පීඩාවට පත් ධීවරයින්ට සහනාධාර.

* ගැබිණි මව්වරුන් සඳහා දැනට ලබාදෙන රුපියල් 20,000 දීමනාවට රුපියල් 2,500 අමතර දීමනාවක්.

* ආහාර සුරක්ෂිතතාවයක් නොමැති පවුල් සඳහා ඉදිරි මාස 4 රු 10,000ක් බැගින්

* වතු ජනතාවට සහනාධාර

* වැඩිහිටි ආබාධිත පුද්ගලයින් සඳහා රුපියල් 5,000 ත් 7,000 ත් අතර දීමනාවක්.

* පොහොර මිල මහ කන්නය වනවිට අඩු කිරීමට අපේක්ෂා කෙරේ.

* හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් ලබාදීමට කටයුතු කරන අතර රුපියල් බිලියන 25 ක් යෙදවේ.

* ආර්ථික ස්ථායීකරණයට අදාළ පනත් කොටුම්පත් රැසක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට.

* දේශීය කෘෂිකාර්මික අගය දාමයන් වැඩි කිරීමේ වැඩසටහන්

* කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනයට නව තාක්ෂණය යොදාගැනීම හා තරුණ පරපුර කෘෂිකර්මාන්තයට යොදාගැනීමට පියවර‍.

* භාවිතයට නොගත් ඉඩම්වලින් 20% ක් පමණ රැකියා විරහිත කොටස් සඳහා වගා කිරීම සඳහා යෙදවීමට පියවර.

* දේශීය කිරි නිෂ්පාදනය වැඩිකිරීමට පියවර

* අපනයන ක්ෂේත්‍රය වර්ධනය සඳහා ආකර්ෂණීය නව ඇසුරුම් නිෂ්පාදනයට පියවර, සඳහා අතිරේක රුපියල් මිලියන 250 ක්.

* 2023 වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 25 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා.

* විද්‍යා තාක්ෂණය හා තොරතුරු තාක්ෂණයට අදාළ ශ්‍රී ලංකාව තුළ ශාඛා විශ්වවිද්‍යාල පිහිටුවීමට පියවර

* ස්වයං රැකියාවලට අදාළව විධිමත් පුහුණුවක්

* මල් හා තේ නිෂ්පාදකයින්ට දුම්රිය මගින් නිෂ්පාදන ප්‍රවාහනයට පහසුකම්

* කලාපීය වෙළඳ ගිවිසුම්වලට එළැඹීමට යළි බලාපොරොත්තුවක්

* එතෙර ශ්‍රී ලාංකිකයින් සඳහා වන කාර්යාලයක් ස්ථාපිත කිරීමට යොජනා

* එතෙර ශ්‍රී ලාංකික අරමුදලක්

* විදුලි පාපැදි කර්මාන්තය දේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට බදු සහන ලබාදීමට යෝජනා

* 2025 ප්‍රාථමික ආර්ථික අතිරික්තයක් ඇති කරගැනීම අරමුණයි. 2026 ස්ථාවර ආර්ථික ඇති කරගැනීම අපේක්ෂාවයි.

* සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යළි සියලු පක්ෂවලට ආරාධනා

* තෝරාගත් ප්‍රාදේශීය සභා 22ක් නගර සභා සමඟ ඒකාබද්ධ කෙරේ

Social Sharing
ආර්ථික නවතම