රාජ්‍ය ආයතන ලොක්කන් පත් කිරීම හෝ වෙනස් කිරීමට කමිටුවක්

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදුකිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී එය ක්‍රමවත්ව සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර ඇති බවජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් අදාළ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රමාත්‍යලේකම් අනුර දිසානායක,  අමාත්‍ය මණ්ඩල ලේකම්  ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන මහත්වරු කටයුතු කරති.

කමිටුවේ ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා පත් කර ඇත.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමටඅවශ්‍ය නම් සාධාරණීකරණය කළ හැකි හේතු සහිතව නාම යෝජනා ඉහත කමිටුවට ඉදිරිපත් කර පූර්ව අනුමැතිය ලබා ගැනීමඅනිවාර්යය කර තිබේ.

පූර්ව එකඟතාවකින් තොරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂමණ්ඩල තනතුරු වෙනස් කිරීමට විටින් විට  ජනාධිපති වෙත කෙරෙන ලිඛිත ඉල්ලීම් සහ ඇතැම් අවිධිමත් පත්කිරීම් පිළිබඳඅවධානය යොමු කරමින් මෙම කමිටුව පත් කර තිබේ.

මේ පිළිබඳව ජනාධිපති ලේකම්ගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සෘජුව ලිපියක් යොමු කර ඇති අතර, සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් හා මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්තිඅමාත්‍යාංශයට පිටපත් යොමු කර තිබේ.

Social Sharing
නවතම