රනිලිගෙන් ගෝඨාට වරප්‍රසාද

ජනතාව නෙරපා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ මෙරටට යළි පැමිණීමට සූදානම් සිටින බව ආරංචිමාර්ග පවසයි.

ඔහුට නවාතැන් ගැනීම සඳහාකොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසක් ලබා දීමට වත්මන් ජනාධිපති ඇතුළු ආණ්ඩුවතීරණය කොට ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම නිල නිවෙස බෞද්ධාලෝක මාවතට සහ මලලසේකර මාවතට යාබදව පිහිටා ඇති සුවිසල් නිවසක් බවත්, මෙම නිවසටයාබදව පිහිටා ඇති තවත් රජයේ නිල නිවසක හිටපු ඇමැති නාමල් රාජපක්ෂ නවාතැන් ගෙන සිටින බවත් වාර්තා වේ.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයකු මෙන්ම හිටපු අගමැතිවරයකුද වන මහින්ද රාජපක්ෂ හට කොළඹ නිල නිවාස 2ක්ද ආණ්ඩුවෙන්ලබා දී තිබේ.

ඉන් එකක් විජේරාම මාවතේ පිහිටා ඇති අතර අනෙක බුලර්ස් පාරේ පිහිටා ඇත.

අනුව මේ වනවිට රජයේ නිල නිවාස සංචිතයෙන් නිවාස 4ක්ම රාජපක්ෂ පවුල වෙත ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.

කෙසේවෙතත් පසුගිය සතියේ හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා කියා තිබුණේ හිටපු ජනාධිපතිවරයා ධූරයෙන් හැර ගිය බැවින්ඔහුට හිටපු ජනාධිපතිවරයකුට හිමිවන කිසිදු වරප්‍රසාදයක් හිමි නොවන බවකි.

Social Sharing
නවතම