කොවිඩ් මරණ 4000 සීමාව පසුකිරීම සහ අසාර්ථක පාලනයක කරුමය..

Covid Death exceeds 4,000, control fails

මේ වෙනකොට ලංකාව කොවිඩ් මරණ හාරදහසේ සීමාව පසුකරලා තියෙනවා. රජයේ නිළ වාර්තාවලට අනුව 23 වෙනිදා වාර්තාවුණ මරණ සංඛ්‍යාව වන 52 සමග මුලු මරණ සංඛ්‍යාව 4054ක්. පසුගිය 24 වෙනිදා වාර්තාවුණ ආසාදිතයන් සංඛ්‍යාව 1737ක්. ඒ කියන්නේ නැවත ආසාදිතයන් සංඛ්‍යාව 1500 සීමාව පසුකරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවිදිහට ඩෙල්ටා නව ප්‍රබේදය ආසාදනය වුණ ආසාදිතයන් 68 දෙනෙක් මේ වෙනකොට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ හඳුනාගත් ප්‍රමානයට වඩා බොහෝ ප්‍රමානයක් සමාජයේ ඉන්න පුලුවන්. ඒ වගේම දිනෙන් දින කරනු ලබන PCR පරීක්ෂණ ප්‍රමානය වැඩිකළ යුතු උනත් එය එහෙම නොවෙන නිසා හරියටම කියන්න බැහැ සමාජය තුළ ආසාදිතයන් කොපමන…

Read More

බෙහෙත් නිවසට යවන්න බැරි යාන්ත්‍රණයක් මත්පැන් වෙනුවෙන්! – GMOA

system for online liquor sales sri lanka

අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසැල් වෙත අවසර ලබාදීමට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ඊයේ (16) හිමිව තිබුණි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා තිබුණේ සුපිරි වෙළඳැල් හිමිකරුවන්ගෙන් ලැබුණු ඉල්ලීම් අනුව අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීමට අදාලව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය නිර්දේශ මුදල් අමාත්‍යංශය වෙත පසුගියදා යොමුකර තිබුණු බවය. ඒ අනුව  මේ සඳහා මුදල් අමාත්‍යංශයේ බළධාරීන් එකඟතාවය පළකර තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඒ  එළවලු ටික හරියට බෙදාහරින්න බැරි, විශ්‍රාම වැටුප, ඖෂධ නිවසට යවන්න බැරි යාන්ත්‍රණය මත්පැන් වෙනුවෙන්…

Read More

සෞඛ්‍ය ඇමතිවරියව “බ්ලැක් මේල්” කරන්නේ කවුද? | Ravi Kumudesh

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අර්බුද ඇති කරන නිලධාරීන් ගැන අනාවරණයක්!

Disclosure on Crisis officials in the Ministry of Health

සෞඛ්‍ය අමාත්‍යාංශය අද වෛද්‍ය අමාත්‍යාංශයක් බවට පත් කරගෙන සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලත සිටින ව්‍යාපාරික කල්ලියක් බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති කමිටුව කියා සිටියි. වෛද්‍ය සේවාවට පමණක් 78%ක පමණ දීමනා වැඩි කිරීමේදී අනෙකුත් සෞඛ්‍ය සේවාවන් අතර බරපතල නොසන්සුන්තාවයක් ඇති විය හැකි බව හෝ  වෛද්‍ය පරිපාලන නිළධාරීන්ගෙන් උපදේශයක් හෝ අනතුරු ඇඟවීමක් නොලැබුනේද යන්න විමසා සිටින එම කමිටුවේ කැඳවුම්කාර මණ්ඩලයේ රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ අමාත්‍යවරිය, ලේකම්වරයා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතැම් ගැටළු විසඳා දීමට සාධාරණ උත්සහයක් ගනු ලැබූවද පහල සිටින නිළධාරීන් කිහිපදෙනෙකු හිතාමතාම වෛද්‍ය නොවන වෘත්තීන්…

Read More

තෙල් මිල වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති සටනට!

increasing fuel prices Trade unions in Sri Lanka

රටේ ජනතාව පීඩාවට පත් කරමින්  ඉහළ දැමු  ඉන්ධන මිල වහා අඩු කරන ලෙස වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටි. මාරාන්තික වසංගත තත්වය තුළ බඩුමිල කිහිප ගුණයකින් වැඩි වී තිබියදී එදාවේලවත් පිරිමසා ගත නොහැකිව සිටින ජනතාවට මෙසේ තෙල් මිල ද ඉහළ දැමීම සැලසුම් සහගතව සිදුකළ මරු පහරක් බවයි වැඩ කරන ජන බලය සංවිධානය පවසන්නේ. ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ ආරක්ෂාවට ජනාධිපතිවරයා ඇතුළු ඇමැතිවරුන් සමූහයක් ඉදිරිපත් වී සිටියදී එමගින් කම්කරු පිරිස් අනාරක්ෂිත භාවයට පත්ව ඇති අයුරු වෘත්තීය සමිති එකතුව පෙන්වා දී තිබේ. භූමිතෙල් මිල ද…

Read More

එදා සිටි හාම්පුතුන් යළි බලයට ගෙන ඒමේ උත්සහයක් – GMOA

dr samantha ananda GMOA Rajitha Senaratne

එදා රාජිත සමඟ සිටි කට්ටිය දැන් යළි කතා කරන්නට පටන් ගෙන ඇති බවත් කොවිඩ් ක්‍රියාවලියට යොමු වී සිටින වෛද්‍යවරුන්ට එරෙහිව වැරදි මත සමාජය පුරා පතුරවමින් සිටින බවත් රජයේ ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි. මේ වන විට වෛද්‍යවරු රුපියල් 70,000- 80,000 ක් අනුමත කරගෙන ඇති බව ඔවුන් පවසන බවත් නමුත් ඇත්තටම මේ මුදල වෛද්‍යවරුද ඔවුන්ද අනුමත කරගෙන ඇත්තේ කියා සොයා බැලිය යුතු බවද ඔහු පවසයි. දිවා රෑ වෙහෙස වී කොවිඩ් සමඟ සෘජුව වැඩ කරන වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ දීමනාවක් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් වශයෙන්…

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා බිඳ වැටීමෙන් රෝගීන් අමාරුවේ!

Health sector on strike Ministry of Health

සෞඛ්‍ය අමාත්‍යාංශය හා පැවති සාකච්ඡා බිඳ වැටීම හා සෞඛ්‍ය අමාත්‍යවරියට අදාල සේවක ගැටළු වලට නිශ්චිත විසඳුම් ලබා දීමට නොහැකි වීම මත අද (11) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා  සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පියවර ගන්නා ලදි. ඒ අනුව වෛද්‍ය රාසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 28 ක් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කර තිබුණි. මෙම වෘත්තිය ක්‍රියා මාර්ග පිළිකා රෝහල්, මාතෘ රෝහල්, ළමා රෝහල් වල කිසිඳු අයෙක් සහභාගි…

Read More

සංචාරක / හෝටල් අර්බුදය දික් ගැස්සේ!

The tourist hotel crisis in sri lanka minister of tourism

සංචාරක ක්ෂේත්‍රය වනාහී ලංකාවට විදේශය විනිමය ලබා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයකි. නමුත් ගෝලීය කොවිඩ් වංසගතයත් සමඟ සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටීමට ලක් විය. විශේෂයෙන්ම විදේශිකයින් පැමිණීම සීමා කිරීම මත ලංකාවේ බොහෝ සංචාරක හොටල් වසා දැමුණි. මේ අතර තවත් හොටල් නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනුණි. මෙහිදී හෝටල් වල මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනෙකුට සිදු වුයේ ගෙදර යෑමටය. රැකියා අහිමි වීම මත ඔවුන්ගේ ජිවිත අවිනිශ්චිතභාවයකට ලක් විය. සංචාරක ක්‍ෂෙත්‍රයත්, එහි ඍජු සේවයේ නියුතුව සිටින 180000 ක් ඇතුළුව වක්‍ර සේවාවන් හී යෙදෙන 400000 කට වැඩි පිරිසක් ද සේවාව සපයන මෙම ක්‍ෂෙත්‍රයේ සමස්තයක් වශයෙන් ගත්…

Read More

බංගල්දේශයෙන් ණය ගන්න වුණු ආණ්ඩුවක් කොවිඩ් මර්ධනය කරන්නේ කෙසේද?

Government of Bangladesh grants loans to Sri Lanka saman rathnapriya

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගෙන් 40%කට පමණ මිය යන්න සිදුව ඇත්තේ නිවෙස් වල හෝ රෝහලකට යන අතරතුරදී බවත් මෙය ඉතාම බරපතල තත්ත්වයක් බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. මෙවැනි වසංගත ත්ත්වයක් කළමණාකරණය කළ හැක්කේ සමාජ ආරක්ෂණ ක්‍රම භාවිතා කිරීමෙන් වුවත් මෙය අප සිංහල අවුරුදු කාලයේ වරද්දගත් බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මෙය බරපතල ලෙස ප්‍රචලිත කරන්න දේශපාලඥයින් අවස්තාව ලබා දුන් බවය. එසේම එන්නත්කරණ වැඩසටහනේදී පවා ලෝක සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිනොගෙන දේශපාලනිකව එය ලබා දුන් බව හෙතෙම පෙන්වා දෙයි. කොවිෂිල්ඩ් එන්නත ලබාගත් අය අද එන්නත්කරණය පිලිබඳ විශ්වාසය අහිමි කරගෙන ඉච්ඡාභංගත්වයට…

Read More

වසංගත පාලනය හා මහජන මූල්‍යාධාර වෙනුවෙන් රජය රුපියල් බිලියන 286 ක් වැය කර තිබෙනවා.

keheliya rambukwella covid situation Government of Sri Lanka

කොවිඩ් 19 රෝග පාලනය, ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වෙනුවෙන් රුපියල් බිලියන දෙසිය අසූ හයක මුදලක්  රජය මේ වන විට වැය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. කොරෝනා වසංගත තත්ත්වය ආරම්භක පළමු අදියරේදී  පවුලකට රුපියල් පන්දහසේ මූල්‍යාධාර  ලබාදීම සඳහා රුපියල් බිලියන අසූවක් ද සිංහල අලුත් අවුරුදු සමයේදී රුපියල් බිලියන පහළොවක් සහ වර්තමානයේදී රුපියල් බිලියන තිස්පහක මුදලක් වැය කර ඇතැයි ද ඒ මහතා කීවේය. කොවිඩ් 19 වසංගත තත්ත්වය  පිළිබදව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (05) පැවැති  විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.…

Read More