හොඳටම කළේ අපි ද?

Namal Rajapaksa vaccine in sri lanka

දකුණු ආසියාවේ වේගවත්ව එන්නත්කරණය සිදුකළ රට වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව වාර්තා වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරණය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බවත් ඒ අනුව දිවයින පුරා එන්නත්කරණය සිදුකරනු ලබන මධ්‍යස්ථාන වෙත ගොස් එම මධ්‍යස්ථානවල එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකරනු ලබන සෞඛ්‍ය අංශවල නිළධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සොයා බලා එන්නත්කරණය නිසියාකාරව කරගෙන යාමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම මෙන්ම රට පුරා එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා පැමිණෙන තරුණ ප්‍රජාව ඇතුලු ජනතාව දිරිමත්…

Read More

කොවිඩ් මර්දනයේදී පොලොන්නරුවට අඩු සැලකිලි!

covid suppression in Polonnaruwa district

ඩෙල්ටා ඇතුලු සියලු ප්‍රභේදවල කොරෝනා රෝගීන් සදහා රෝගී සත්කාරක සේවා ලබා දීමෙන් වැඩිම දායකත්වය ලබා දෙන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කය බවත් කොරෝනා මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩපිළිවෙලෙන් අඩුම එන්නත් ලබා දීමක් සිදුවන්නේත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට බවත් පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙති. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව මහ රෝහල හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අධික්ෂණය හා මෙහෙයවීම මත විශේෂිත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන 07ක  දිනපතාම පාහේ රෝගීන් 3000කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිකාර කෙරෙන බවත් දිස්ත්‍රික්කයට ම කොරෝනා මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් 25000ක් පමණක් ලැබීම කණගා‍ටුවට කරුණක් බවත් ඔවුහු පෙන්වා දෙති. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට ලක්ෂ 4ක…

Read More

වසංගත පාලනය හා මහජන මූල්‍යාධාර වෙනුවෙන් රජය රුපියල් බිලියන 286 ක් වැය කර තිබෙනවා.

keheliya rambukwella covid situation Government of Sri Lanka

කොවිඩ් 19 රෝග පාලනය, ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වෙනුවෙන් රුපියල් බිලියන දෙසිය අසූ හයක මුදලක්  රජය මේ වන විට වැය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. කොරෝනා වසංගත තත්ත්වය ආරම්භක පළමු අදියරේදී  පවුලකට රුපියල් පන්දහසේ මූල්‍යාධාර  ලබාදීම සඳහා රුපියල් බිලියන අසූවක් ද සිංහල අලුත් අවුරුදු සමයේදී රුපියල් බිලියන පහළොවක් සහ වර්තමානයේදී රුපියල් බිලියන තිස්පහක මුදලක් වැය කර ඇතැයි ද ඒ මහතා කීවේය. කොවිඩ් 19 වසංගත තත්ත්වය  පිළිබදව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (05) පැවැති  විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.…

Read More

සිනෝවැක්ස් නිශ්පාදනය මිනිස් ජීවිත උකසට තබා කෙළින තවත් මගඩියක් ද?

sinovac production Vaccination in sri lanka

ඖෂධ නිශ්පාදන ක්ෂේත්‍රයේ වැඩකරන මිනිසුන් කියන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත් (vaccines) නිශ්පාදනය යනු බෙහෙත් නිශ්පාදනයේ ඉහළම අවකාශය කියලා. ඒ හරහා ඔවුන් කියනවා ප්‍රතිශක්තිකරණ එන්නත් නිශ්පාදනය සඳහා විශාල වෙහෙසක් දරන්න වෙනවා කියන දේ. තාක්ෂණය, පර්‍යේෂණය, දැනුම පහසුකම් මේ සියල්ල ප්‍රශස්ථ විදිහට අවශ්‍යයි මේ කාරණයට. මේ වෙනකොට කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් විශාල ප්‍රමානයක් භාවිතයට ඇවිත් තිබෙනවා. මේ සියල්ලම වාගේ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිස්සි භාවිතය වෙනුවෙන් අවසර ලබාදුන්න ඒවා. වසංගතයේ තිබෙන දරුණු හැසිරීම නිසාම හදිස්සි භාවිතයට ආපු මේ ප්‍රතිශක්තිකරණ එන්නත් (Oxford/AstraZeneca, Pfizer/BioNTech, Sinopharm/Beijing, Sputnik V, Johnson&Johnson, Moderna, ) සියල්ලම පාහේ භාවිතයට ආවේ…

Read More

එන්නත්කරණයට දේශපාලන ඇඟිලි ගැසීම් එපා! – කරූ ජයසුරිය

Karu Jayasuriya Get vaccinated without political retaliation

නිවැරදි මොහොතේදී නිවැරදි තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් දැන්වත් විද්වතුන් සහ බලධාරීන් එකඟත්වයෙන්, එකමුතුවෙන් හා සමගියෙන් කටයුතු කළ හැකි නම් මේ මහා ව්‍යසනයෙන් රට මුදවාගත හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාර‍යේ සභාපති,  හිටපු කතානායක  කරු ජයසූරිය පවසයි. හුදු විවේචන හා දෝෂාරෝපණයන් සිදු කිරීම තම සංවිධානයේ අරමුණ නොවන බවත්  පවතින යතාර්ථය තේරුම් ගනිමින් එය පෙන්වා දීම තමන් සතු යුතුකමක් හා වගකීමක් ලෙස සලකන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (03) දින පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ…

Read More

කොරෝනා එන්නත් ලැබෙන්නේ රාජතාන්ත්‍රික සාකච්ඡා අනුව පමණයි!

Corona vaccine is given only diplomatically Dilum Amunugama

කොරෝනා එන්නත් ලැබෙන්නේ රාජතාන්ත්‍රික සාකච්ඡා අනුව මිස පෞද්ගලික මිලදී ගැනීමේ මට්ටමින් නොවන බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එන්නත් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බව ඇතමුන් ප්‍රකාශ කළත් එන්නත් ප්‍රමාදයකට හේතුවන්නේ ජාත්‍යන්තරය තුළ පවතින අධික ඉල්ලුම නිසා මිස මුදල් හිඟතාවයක් නොමැති නිසා යැයි ද අමාත්‍යවරයා කීවේය. මහනුවර මහයියාවේ සිදුවන එන්නත්කරණ කටයුතු නීරීක්ෂණය සඳහා සහභාගි වූ අමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය. අධික ඉල්ලුම හේතුවෙන් එන්නත් හිඟයක් මතු වී ඇති නමුත් කොරෝනා පාලන එන්නත්කරණ ජාතික කමිටුවේ ප්‍රධානී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ලෝක සෞඛ්‍ය…

Read More

එන්නත්කරණයේ බිස්නස් එක!

Vaccination has become a business Rajitha Senaratne GMOA

මොරටුව නගරාධිපතිගේ උපදේශකයා ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් ඔහුව උදාහරණයට ගනිමින් ඔහු  වෛද්‍යවරුන්ට එන්නත්කරණය ගැන කියාදෙන්න උත්සහ ගනිමින් සිටින බවත් අද එන්නත්කරණය විනාශ වී ඇත්තේ එවැනි තත්ත්වයන් නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. එම නිසා සිදුවන සෑම මරණයකටම,සෑම ආසදිතයෙකුටම ජනාධිපතිවරයා ඇතුළු මේ දේශපාලකයින් වගකිව යුතු බවද ඔහු කියා සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එන්නත් විශාල ප්‍රමාණයක් වෙන් කරගෙන  සාමාජිකයින්ට පවසා ඇත්තේ සාමාජික මුදල් ගෙවා එන්නත ලබා ගන්නා ලෙසට බවත් ඒ මහතා පෙන්වා දෙන්නේ සාමාජිකයින්ට මේ එන්නත සීමාවක් නොමැතිව ලබා දුන් බවය. මේ ගැන සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ අනික් අංශ…

Read More

Rajitha Senaratne | එන්නත්කරණයේ බිස්නස් එක!

Read More

එන්නත ඇනවුමේ ඉඳලම ආණ්ඩුව අනාගෙන –  මනුෂ නානායක්කාර

Illegal vaccination in Sri Lanka manusha nanayakkara

ආණ්ඩුව ජනතාවගේ ජීවිත අවදානමට පත් කරමින් ‘‘බ්ලැක් මාර්කට් එකෙන්’’ එන්නත් මිලදී ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශය පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. එසේම ලෝකයේ කිසිම රටක් චිට් ක‍්‍රමයට කොරෝනා එන්නත ලබාදී නොමැති බවත්, දේශපාලඥයින්ගේ ලයිස්තුවලට අනුව එන්නත ලබාදීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ලැජ්ජා විය යුතු බවත් ඒ මහතා කියා සිටියි. ආණ්ඩුව එන්නත ඇනවුම් කිරීමේ  තැන සිටම  අනාගෙන සිටින බවත්  ලෝකයේ අනික් රටවල් එන්නත් ලබාගැනීමට කටයුතු කළාට පසුව මෙරට එන්නත් මිලදී ගැනීමට ඇණවුම් කරනවිට මිලදී ගැනීමට එන්නත් නැතැයිද ඔහු පෙන්වා දෙයි. ඇස්ට‍්‍රසෙනිකා එන්නතේ…

Read More

“ඇස්ට්‍රා සෙනෙකා එන්නත පුද්ගලික අංශයට දෙන්නේ නෑ” – සමාගම ශ්‍රී ලංකා රජයට දන්වයි

Astra Seneca vaccine is not available to the private sector Jasper Meyns

මාරාන්තික කොරෝනා වසංගතය පාලනය සඳහා වන එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට පෞද්ගලික අංශය කරන ඉල්ලීම් ඉටු කළ නොහැකි බව ලෝකයේ ප්‍රධානතම එන්නත් නිෂ්පාදන සමාගමක් විසින්  ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වෙත ලිපියක් යොමු කරමින්  ඒ බව දැනුම් දී ඇත්තේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනයේ ආසියා කලාපයේ රාජ්‍ය කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂක ජැස්පර් මේන්ස් විසිනි. ඇස්ට්‍රා සෙනෙකා ආයතනය විසින් නිශ්පාදිත කොවිඩ් 19 එන්නත අලෙවි කිරීම සඳහා බොහෝ පෞද්ගලික වෙළඳුන් සහ ආයතන ශ්‍රී ලංකා රජය වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇති හෙයින් මෙම…

Read More