ගුරු විදුහල්පතිවරුන්ට එන්නත අනිවාර්ය කරන්න – ලංකා ගුරු සංගමය

මේ වන විට ගිය වර පැවති සාමාන්‍ය පෙළ විභහගයේ ප්‍රතිඵල තවමත් නිකුත් කිරීමට නොහැකිව ඇත්තේ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමට නොහැකි වූ නිසා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි.

නමුත් මේ සම්බන්ධව ගන්නා ක්‍රියා මාර්ගය කුමක්දැයි තවමත් අධ්‍යාපන බලධාරීන් කථා කර නැතැයිද ඔහු කියා සිටියි.

විශේෂයෙන්ම මේ අවස්ථාවේ ලක්ෂ අටකට වැඩි ළමයින් පිරිසක් තමන්ගේ විභාග සම්බන්ධව දැඩි ආතතියකින් සිටින බවත් ඔවුන්ගේ විෂය නිර්දේශ තවමත් ක්‍රියාත්මක වන ආකාරයක් පිලිබද අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කර නැති බවත් අවධාරණය කරයි.

ඇමරිකාව වැනි රටවල මේ වන විට ෆයිසර් එන්නත ළමයින්ට පවා ලබා දෙන තත්ත්වයක් ඇති බවත් නමුත් ලංකාවේ ‌කොවිඩ් මර්දන එන්නත පාසල් ගුරුවරුන්ට/ විදුහල්පතිවරුන්ට  ලබා දෙන ලෙස කිහිප අවස්ථාවකම ඉල්ලා සිටියත් තවම  නොලැබුණු බවත් පවසන ඒ මහතා පෙන්වා දෙන්නේ මේ එන්නත දැන් දේශපාලනීකරණය වී ඇති බවය.

මේ වන විට ලංකාවේ හතලිස් තුන් ලක්ෂයක් ළමයින්ගේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බවත් පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් ගුරුවරුන්ට මේ එන්නත අනිවාර්යෙන්ම ලබා දිය යුතුව ඇතැයිද ඔහු පවසයි.

එමෙන්ම මේ එන්නත ලබා දීමේදී ඇතැම් දේශපාලඥයින් ඊට මුල් වී ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කිරීමට යන බවට චෝදනා කරන සිටින ජෝශප් ස්ටාර්ලින් මහතා පවසන්නේ මේ එන්නත ලබා දීමේදී  ප්‍රමුඛ කණ්ඩායම් වලට පළමුව ලබා දිය යුතු බවය.

ගුරුවරුන්ට මේ වන විට මාර්ගගත (online) අධ්‍යාපනයට දැඩි ලෙස බලපෑම් කරමින් තිබෙන බවත් ඇතැම් පාසල් වල මේ මාර්ගගත අධ්‍යාපනය ලබා දිදී ගුරුවරුන්ට සාරි ඇඳීමට හා පිරිමි ගුරුවරුන්ට ටයි පැලඳීමට සිදුව ඇතැයිද මෙය මොනතරම් විහිළුවක්දැයි ඔහු විමසා සිටියි.

-ශානි-

 

Social Sharing
නවතම