කන්ද උඩරට මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් දියත් කළ මාරාන්තික ප්‍රහාරයකට තෙවසරක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනයේ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මේ තාක් අසමත්ව තිබේ. 2018 වසරේ මාර්තු හතර රාත්‍රියේ දිගනින් ආරම්භ වී මහනුවර වෙලාගත් ප්රචණ්ඩ ක්‍රියා රැල්ල සම්බන්ධයෙන් එම වසරේම මැයි මස 9 දින සිට 12 දින දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සාක්ෂි විමසීමේ කාර්යය සිදු කොට තිබුනි. කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගමගේ ප්‍රධානත්වයෙන් කොමසාරිස්වරුවන් කිහිප දෙනකුගේ එක්වී මහනුවරදී සාක්ෂි විමසීම සිදු වු අතර කොමිසමේ සභාපතිනිය එවකට ප්‍රකාශ කර තිබුනේ විමර්ශන…
Read MoreTag: Geneva
ජිනීවා සමුළුවට ශ්‍රී ලංකාව ගැන කෙරෙන යෝජනා මොනවාද?
“ශ්‍රී ලංකාවට එරෙහි” යෝජනාවක් ජිනීවා නුවර මුළුදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත්වී ඇති බව මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ නිතර කියැවෙන දෙයකි. ශ්‍රී ලංකාවට පක්ෂව හෝ විරුද්ධව කිසිදු යෝජනාවක් සභාගත වී නැති නුමුත් රටේ මානව හිමිකම් නගා සිටුවීම සඳහා වන යෝජනා කෙටුම්පතක් සාකච්ඡා කිරීම මේ සතියේ ආරම්භ විය. ඒ ශුන්‍ය කෙටුම්පත (zero draft) යනුවෙන් හැඳින්වෙන ඊට සංශෝධන ගෙන ඒම සඳහාය. මාර්තු 11 දක්වා කාලය තුලදී කෙටුම්පත කිහිප වාරයක් සංශෝධනය විය හැකිය. අවසන් යෝජනා කෙටුම්පත සඳහා ඡන්ද විමසීම නියමිතව ඇත්තේ මාර්තු 22 දාය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
Read Moreශ්‍රී ලංකාවට එරෙහිව එන ජිනීවා යෝජනා ප්‍රතික්ෂේප කිරීමට සාමාජික රටවලින් සහාය ඉල්ලයි!
විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අමතමිනි. 2021 පෙබරවාරි 22 දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදුකළ ප්‍රකාශය වැඩිදුරටත් මෙසේය. *අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස්…
Read Moreමානව හිමිකම් මහකොමසාරිස්වරිය යම් බලපෑමකට යටත් වෙලා!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේ මාර්තු මස 19 වනදා ඉදිරිපත් කරන්න තිබ්බ කරුණු ද ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ මේ වෙනකොට තියනවා. ඒවා එළියට ගියා කියන එක පිළිබදව ලොකු ගැටළුවක් තියනවා. මහ කොමසාරිස්වරිය යම් බලපෑමකට යටවෙලා. එමෙත් නැත්නම් අත්භූත බලවේගයකට නතුවෙලා එහෙමත් නැත්නම් දෙමළ ඩයස්පෝරාව විසින් මේ තත්වයට පත්කරලා තියනවා යැයි හෙළ රණවිරු බලමුළුවේ සංවිධායක හා නාමල් තිලකරත්න පදනමේ නිර්මාතෘ විශ්‍රාමික ලුතිනන් කර්නල් නාමල් තිලකරත්න මහතා පැවසුවේය. මේ මස 22දා සිට මාර්තු මස 19දා දක්වා පැවත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමේ 46 වැන සැසිවාරයට පෙර එහි මහ කොමසාරිස්වරිය වන මිචෙල්…
Read Moreජිනීවා – වෘත්තීය බුද්ධිමතුන් පිරිසකගේ නාටකයක් පමණක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
ලංකාවේ මිනිසුන්ට ජිනීවා කියන්නේ හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග ජිනීවා සම්බන්ධයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය (UNHRC) කියන්නේ එක්තස් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය ආයතනයක්. මානව හිමිකම් සම්බන්ධ සියලු ප්‍රශ්න හා තේමා සාකච්ඡා කිරීමේ අයිතිය මෙම සභාවට තිබෙනවා. සෑම වසරකම මාර්තු, ජූනි හා සැප්තැම්බර් මාසවල සාමාන්‍යයෙන් මානව හිමිකම් සභාව රැස්වෙනවා. මාර්තු සැසිය සති හතරක් හා සෙසු සැසි සති තුනක් පැවැත්වෙනවා. 2021 පෙබරවාරි 22 සිට මාර්තු 23 දක්වා පැවැත්වෙන්නේ මානව හිමිකම් සභාවේ 46වන සැසිවාරයයි. එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්…
Read Moreඅතුරුදහන් වෙනුවෙන් ජාත්‍යන්තර අවධානය ඉල්ලා දෙමළ අම්මාවරු විරෝධයේ!
වසර ගණනාවක් තිස්සේ තම සමීපතමයන් සොයා ගැනීමට නොහැකි වූ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීහූ ගිනි කබල් විරෝධතාවක් පවත්වා තිබේ. කළු හැඳ, ගිනි කබල් හිස තබාගත් සාතිශය බහුතරයක් දෙමළ කාන්තාවන්ගෙන් සැදුනු විරෝධතා පෙළපාලිය ආරම්භ වී ඇත්තේ අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කොට අවුරුදු හතරක් පිරෙන 20 සෙනසුරාදා උදෑසන නමයටයි. කිලිනොච්චියේ ගණදෙවි කෝවිල අසලින් ආරම්භ වුනු පා ගමන A9 මාර්ගය ඔස්සේ ගමන් කොට කන්දසාමි කෝවිල අසලින් නිමාවී තිබේ. රට තුල ඉටු නොවන යුක්තිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙස විරෝධතාකාරියෝ සටන් පාඨ හඬ…
Read Moreසීතල ජිනීවා ලංකාව නිසා උණුසුම් වෙයි! – මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රියගේ හෙළිදරව්ව 02
ජිනීවා වල සීතල පරදවා මේ වන විට උණුසුම් වී ඇත්තේ ලංකාව සම්බන්ධයෙන් බවත් මෙවර පැවැත්වෙන ජීනිවා සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සියලු දෙනා බර ආයුධ (Big Guns) භාවිතා කරන්නට පටන්ගෙන ඇතැයිද ඔවුන් සියලු දෙනාම පාහේ උත්සහ දරන්නේ තමන්ගේ මතය නිවැරදි කිරීමට බවද මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා වල පවතින තත්ත්වය පැහැදිලි කරමින් ඔහු ඒ බව කියා සිටියේය. පහුගියදා ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පිටු 30 කින් යුත් වාර්තාවට ලංකාව කරුණෙන් කරුණට පිලිතුරු දී ඇතැයිද නමුත් ඒ පිලිතුරු කවුරුන් පිලිගනිවීද යන්න තවමත් නිශ්චිතව පැවසිය නොහැකි මුත්…
Read MoreSunanda Deshapriya | ජිනීවා සමුලුවට දෙපැත්තෙන්ම බර ආයුධ
ජීනිවා යෝජනා ක්‍රියාත්මක නොකළහොත් අන්තර් ජාතික යාන්ත්‍රණයක්? – මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය
තව දින 10 කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 46 වන සැසිවාරය ආරම්භ වන අතර මේ සැසිවාරය කරුණු 02 ක් නිසා ලංකාවට වැදගත් වන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. පළමු කරුණ නම් ඒ් මේ සැසිවාරයට මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන වාර්තාවය. ඒ් වාර්තාව මඟින් ශ්‍රි ලංකාව කවුන්සලය විසින් සම්මත කර ඇති යෝජනා කොයි තරම් දුරකට ක්‍රියාත්මක කර ඇත්ද යන්න විමසා බැලීමක් සිදු කෙරෙන බවද ( දැනටමත් එ් වාර්තාව ඉංග්‍රිසි බසින් පළ වෙලා තිබෙනවා) ඒ් වාර්තාවට අනුව මහ කොමසාරිස්වරිය ලංකාව ගැන සතුටට පත් වී නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් යැයි ද…
Read More