රුසියාවට කණගාටු වෙන්න වේවි – සෙලෙන්ස්කී

යුක්රේනය ආක්‍රමණය ඉක්මනින් අවසන් කර, සාම වැඩපිළිවෙළකට නොගියොත්, යුක්රේනයට දිගින් දිගටම පහර දීම සම්බන්ධයෙන් රුසියාවට පරම්පරා ගණනක් කණගාටු වීමට සිදුවනු ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත.

එනම් ඔහු පවසන්නේ, “යුද්ධයේ අවශ්‍යතාව තිබෙන්නේ රුසියන් ජනාධිපති පුටින් ප්‍රමුඛ රුසියන් රජයේ ඉහළ පෙළ කිහිප දෙනකුට පමණයි, රුසියන් වැසියන් යුද්ධයකට කැමති නෑ,  යුක්රේනයට ආපු රුසියන් සොල්දාදුවන් පවා යුක්රේනය ආක්‍රමණය කිරීමට හේතුව දන්නේ නෑ. ඔවුන් යුද්ධ කරන්නේ රජයේ උවමනාවට’

මේ අතර සෙලෙන්ස්කී සියලු රුසියානු ප්‍රකෝටිපතියන්ගේ බැංකු ගිණුම් අත්හිටුවන ලෙස ස්විට්සර්ලන්තයෙන් ඉල්ලා තිබේ. ඒ යුද්ධය දියත් කිරීමට සහයෝගය දෙන සෑම කෝටිපතියනගේම බැංකු ගිණුම් ස්විට්සර්ලන්තයේ තිබෙන නිසාය.

තව ද ඔහු සඳහන් කරන්නේ ස්විට්සර්ලන්තය තමන්ට ඇහුම්කන් නොදුන්නොත් රුසියාව විනාශ කරන තම දේශය ගොඩනැගීමට තවත් වසර ගණනාවක් ගතවනු ඇති බවයි.

කෙසේවෙතත්  රුසියන් යුක්රේන ගැටුම් හේතුවෙන් යුක්රේනයේ මිලියන 6.5 ක් අවතැන් වී ඇති අතර මිලියන 3.3 ක් යුක්රේනය අතහැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එමෙන්ම රුසියන් ප්‍රහාර හේතුවෙන් යුක්රේන වැසියන් 847ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්රේන රජය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

-හේෂානි කරුණාරත්න-

Social Sharing
නවතම විදෙස්