පොලිස් අත්අත්අඩංගුවෙහිදී සිදු වූ මරණ ගැන පරීක්ෂණයක් අවශ්‍යයි. – මිෂෙල් බෂලේ

අද ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 47වන සැසිවාරයට සිය වාර්තාව ඉදිරිපත් කරමින්, චූදිත අපරාධ කල්ලි සමඟ ඇතිවූ බව කියන  ගැටුම් හි වලදී පොලිස් අත්අඩංගුවේ සිදු වූ මරණ සම්බන්ධයෙන් “සවිස්තරාත්මක, කඩිනම් සහ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු”යැයි මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලේ ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව පිළිබඳව ඇය විසින් දක්වන ලද අදහස් පහත දැක්වේ:

“ශ්‍රී ලංකාවේ, මුස්ලිම්වරුන් ඉලක්ක කරගන්නා සේ සැළකෙන රජයේ ක්‍රියාමාර්ග සහ යුද්ධාවසානයේදී මියගිය අය වෙනුවෙන් කැරෙන අනුස්මරණ සන්දර්භයෙහි මෙන්ම දෙමළ ජනයාට කැරෙන වෙනත් හිරිහැර කිරීම්   පිළිබඳව මම කනස්සල්ල ප්‍රකාශ කරමි.

“අතුරුදහන්වූවන්ගේ කාර්යාලයට සහ වන්දි ගෙවීමේ කාර්යාලයට මෑතදී කරන ලද පත්වීම්  සහ  අතීත අපරාධ පිළිබඳ විමර්ශනයන් අධෛර්යමත් කිරීමට ගන්නා පියවරයන් විසින්  වින්දිතයින්ගේ විශ්වාසය තවදුරටත් අඩපණ කරනු ලැබීම ගැන ද මගේ කනස්සල්ල පළ කරමි.

“මෑතදී පනවන ලද ප්‍රති-ත්‍රස්ත රෙගුලාසි – ත්‍රස්තවාදයට සහාය දෙන්නේ යැයි චෝදනා කොට දෙමළ, මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයින් 300කටත් වඩා ලැයිස්තු ගත කොට තහනම් කිරීම – විසින් ප්‍රති සන්ධානය ඉදිරියට ගෙන නොයනු ඇත. මෙම රෙගුලාසි මගින් නිර්- රැඩිකල්කරණය සදහා නඩු විභාගයකින් තොරව වසර දෙකක් දක්වා අත්තනෝමතික ලෙස පරිපාලනමය රඳවා තබා ගැනීමට අවසර දී ඇත.

“චූදිත අපරාධ කල්ලි සමඟ පොලිස් ගැටුම්හි සන්දර්භය තුළ පොලිස් අත්අඩංගුවේ දී  අඛණ්ඩව සිදු වන මරණ මාලාවක් ද මම සටහන් කරමි. මේ අරභයා සවිස්තරාත්මක, කඩිනම් සහ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

“අපි දිගටම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමඟ සාකච්ජාවන්හි නිරත වෙමු. නව වගවීමේ වරම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඇතුළුව ලබන සැප්තැම්බර් සැසිවාරයේදී මම  තවදුරටත් කවුන්සිලය ශ්‍රි ලංකාවෙහි තත්වය ගැන යාවත්කාලීන කරන්නෙමි.”

මිෂෙල් බෂලේ සිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේය:

“අන්ත දුප්පත්කම, අසමානතාවයන් සහ අයුක්තිය ඉහළ යමින් පවතී. ප්‍රජාතන්ත්‍රවාදී හා ප්‍රජා අවකාශය ඛාදනය වෙමින් පවතී. සංකීර්ණ කොවිඩ් 19 අර්බුදයෙන් මිදීමට සහ සියල්ලන් ඇතුළත්, හරිත, තිරසාර හා ඔරොත්තු දෙන අනාගතයක් කරා ගමන් කිරීම හෝ සිය විනාශය කැඳවා ගැනීම මෙම ලෝක පරම්පරාවේ පරම්පරාවේ කාර්යයන් වනු ඇත.

එම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයට හරියටම ගැලපෙන අතර ඔවුන් ගමන් කරමින් සිටින්නේ දෙවැනි තෝරා ගැනීම කරාය.

දළ සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි.

උපුටා ගැනීම – sinhala.srilankabrief.org

Social Sharing
නවතම