රංජන්ට යුක්තිය සොයාගෙන හරීන් මනුෂ ජිනීවා යයි!

අසාධාරණ ලෙස සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක හට නිදහස ලබා ගැනීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යයි.

රංජන් රාමනායකට නිදහස ලබාදෙන්න කියලා ඉල්ලීම් කිරීමට අපිට ජාත්‍යන්තරයට යාමට සිදුව තිබෙන බවත්, අධිකරණයට අපහාස කිරීමේ වරදට නිශ්චිත දඩුවමක් නිශ්චිත නැති බවත්, ඒනිසාම මාස 48ක දීර්ඝ සිර දඩුවමක් රංජන්ට ලබාදී තිබෙන බවත් කටුනායක ගුවන් තොටුපළ පරීශ්‍රයේදී ප්‍රකාශයක් කරමින් පැවසූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ‘මේකට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ලංකාවේ තවත් ඉහළ අධිකරණයක් නෑ. රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට සහනයක් ලබාගත හැකි එකම අවස්ථාව වන ජනාධිපති සමාව ලබාගැනීම සඳහා අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කර ඇතත් ඒ අවස්ථාවත් ලබාදී නැහැ’ යැයි ප්‍රකාශ කළේය.

රංජන් රාමනාකට ලබාදී ඇත්තේ දේශපාලන දඩුවමක්ද බව ප්‍රකාශ කරන මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් යම් සහනයක් ලබාගැනීම සඳහා තමන් සහ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ජිනීවා බලා පිටත්වන බව ප්‍රකාශ කරයි.

මේ දිනවල ජිනීවා හි මානව හිමිකම් සැසිය පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. ඒ සාමය සංහිඳියාව සහ වගවීම පිළිබඳවයි. ඊට අමතරව පාස්කු ප්‍රහාරය පිළිබඳවද ජිනීවා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වෙන බව දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම