ලංකාව ගැන කතාව පසුවට, කාදිනල් මහකොමසාරිස් හමුවෙයි

අද දින (පෙබ:03) ජිනීවා හිදී  පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වූ වාර්තාව ඉදිරිපත් කිරීම සහ ඒ ආශ්‍රිත සාකච්ඡාව යුක්‍රේන-රුසියා යුධ තත්ත්වය නිසා කල් දමා ඇත.

මෙම තත්ත්වය තුළ ජිනීවා දෙසින් එන ආරංචි මාර්ගවලට අනුව 04 වැනි සිකුරාදා සවස ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් Michelle Bachelet ඉදිරිපත් කැරෙනු ඇති අතර ඉන් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී ඒල් පීරිස් ජිනීවා මානව හිමිකම් සැසිය අමතනු ඇත. අනතුරුව ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ජාව 07 වන සදුදා ආරම්භ වනු ඇති බව දැනගන්නට ලැබේ.

මේ අනුව රාජ්‍ය නොවන සංවිධානයක් යටතේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොවීම පිළිබඳව කරුණු දක්වන්නට පෙබරවාරි 03 දා අවස්ථාව ගෙන සිටි මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපානන් හට එම අවස්ථාවද 7වැනි සදුදා දිනයේදී ලැබෙනු ඇත. මෙහිදී ක්‍රිස්තියානි ආගමික සංවිධාන දෙකක් මෙම සාකච්ජාවට මැදිමත්වීමට අවස්ථාව ලබා ගෙන ඇත.

තත්ත්වය මෙසේ තිබියදී පසුගිය පෙබ 2 දා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මානව හිමිකම් මහ කොම්සාරිස්වරිය වන Michelle Bachelet මුණ ගැසී ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

Social Sharing
නවතම