“ජීනිවා ගියාට වැඩක් නෑ” අධිකරණ ඇමති කියයි

‘ජිනීවා ගිහින් රිපෝර්ට් ප්‍රසිද්ධ කරන්න පුළුවන් ඕනෑ කෙනෙකුට. මෙච්චර කල් රිපෝර්ට් ඇවිත් තියෙනවා. ඉදිරියටත් ඒවි. එහෙත් රටේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ’ අධිකරණ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සැසිය ඇරඹීමට සති දෙකක් ආසන්නයේ ‘වීරකේසරී වෙබ් අඩවියට’ සාකච්ජාවක් ලබා දෙමින් අධිකරණ ඇමතිවරයා පවසන්නේ ජිනීවා වාර්තා මගින් වැඩි වන ජනතාවගේ ක්‍රෝධයෙන් දේශපාලනය කළ හැකි වුවත් වෙනත් කිසිදු දෙයක් නොවන බවයි.

අතුරුදහන් කිරීම්, පැහැරගෙන යාම්, හමුදාකරණය මෙන්ම යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාව යුක්තිය ඉල්ලා සිටියත් ඔවුන් නොතකා යමින් අමාත්‍ය සබ්රි විසඳුම් දීම සඳහා ආරාධනය කර ඇත්තේ විදේශගත දෙමළ ප්‍රජාවටයි.

‘ජාත්‍යන්තර සංවිධාන හරහා මොනවා කළත් මෙහෙ දෙමළ ජනයාට විසඳුම් ලැබෙන්නේ නැහැ. විසඳුමක් අවශ්‍ය නම් මෙහේ ඉඳන් කතා කරන්න ඕනෑ. දෙමළ ජනතාව රැක ගන්න ඕනෑ නම්, ඩයස්පෝරා සංවිධාන මෙහෙ ඇවිත් අපිත් එක්ක කතා කරන්න. දෙමළ පළාත්වල ආයෝජනය කරන්න. රැකී රක්ෂා උත්පාදනය කරන්න. හොඳ පාසැල් ටිකක් ඇති කරන්න’ යැයි අධිකරණ ඇමැතිවරයා විදෙස්ගතව සිටින යුද පීඩිත දෙමළ ජනයාගේ සංවිධාන වලින් ඉල්ලීමක් කරයි.

Social Sharing
නවතම