රුසියානු ආක්‍රමනයට ලංකාව පක්ෂත් නෑ විපක්ෂත් නෑ

යුක්‍රේනය ආක්‍රමනය කිරීම හෙලා දකිමින් සහ වහාම යුක්‍රේනයෙන් රුසියානු හමුදා ඉවත් කරගන්න යැයි බලකරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට ඇත.

පසුගිය බදාදා (2) පැවති මෙම මහා මණ්ඩල ඡන්ද විමසීමේදී රටවල් 193ක් අතරින් රටවල් 141ක් සිය ඡන්දය යුක්‍රේන ආක්‍රමනයට විරුද්ධව සහ කොන්දේසි විරහිතව වහාම රුසියාවට සිය හමුදාවන් ඉවත් කරගන්න යැයි බලකරන යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළේය.

russia invades ukraine Sri Lanka does not use the ballot united nations human rights council

මෙහිදී ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් 35ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. එරිත්‍රියාව, උතුරු කොරියාව, සිරියාව, බෙලරුස් සහ රුසියාව යන රටවල් 5 මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්හ.

මෙම ඡන්ද විමසීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පණිවිඩය පැහැදිලි බවය. යුක්‍රේනයට විරුද්ධව සතුරුකම් දැන් නතර කරන්න සහ තුවක්කු හඬ නිහඬ කරන්න යැයි ඔහු එහිදී රුසියාවෙන් ඉල්ලීමක් කර ඇත. මෙහිදී බොහෝ රටවල දැඩි දෝෂදර්ශනයට රුසියාව ලක්වූ අතර මෙම ප්‍රතිපළය පෙන්නුම් කරන්නේ පුටින්ගේ රුසියාව මෙම යුද්ධය නිසා ලෝකයෙන් හුදකලා වී ඇති බවය.

Social Sharing
නවතම