ඩලස් අලහප්පෙරුම අගමැති ලෙස පත්කර ඔහුගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා රට වහාම ස්ථාවර කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කරයි. මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් බවත් එවන් ආණ්ඩුවක් බිහිකර ගතහොත් ඒ හරහා විදේශ රටවල් හා සංවිධාන වලින් උදව් ලබාගත හැකි බවත් ප්‍රකාශ කරන ඒ මහතා මේ අර්බුදයෙන් ගැලවීමේ මඟ එය බව ප්‍රකාශ කරයි. අජිත් නිවාඩ් කබ්‍රාල් ආර්ථික ඔස්තාද් කෙනෙක් නොවෙන බවත් ඔහු කබ්බෙක් බවත් පිළිගත යුතුව ඇතැයි ප්‍රකාශ කරන ඩිලාන් පෙරේරා පීබී ජයසුන්දරත් එවැනිම කබ්බෙක් බව ප්‍රකාශ කරයි. ඔවුන් පත් කරපු එක වැරදිබවත් එය පිළිගෙන ඉදිරියට කටයුතු…
Read MoreTag: dullas alahapperuma
ජනාධිපති, අගමැතිකම දෙනවා කියලා 4 දෙනෙක් අන්දලා..?
අගමැති ධුරය ලබා දෙනවා යැයි කියමින් පවතින දේශපාලන අර්බුදය විසඳීමට මැදිහත් වෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 4 දෙනෙක්ගෙන් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ රාජපක්ෂ පවුල් පාලනය දිගටම පවත්වාගෙන යාම සඳහා පවුලේ එකඟතාවය මත ජනාධිපතිවරයා දිගින් දිගටම බොරු පොරොන්දු ලබා දෙමින් තිබෙන බවය. මේ අනුව දිනේෂ් ගුණවර්ධන, රමේෂ් පතිරණ, ඩලස් අලහප්පෙරුම සහ මෛත්‍රිපාල සිරිසේන යන අයට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන්න ජනාධිපතිවරයා පොරොන්දුවී ඇතැයි ඒ මහතා පැවසීය. මෙම බොරු පොරොන්දු අනාවරණය වීම නිසා මේ වනවිට රාජපක්ෂවරුන්ගේ කූඨ සැලසුම් හෙළිවී ඇතැයිද ඒ අනුව එලබෙන…
Read Moreඅන්තර්වාර ආණ්ඩුවක් ඕනෑ ඇයි?
ඩලස්-විමල්-වාසු-ගම්මන්පිළ සුසංයෝගය නිසා මේවනවිට අන්තර්වාර ආණ්ඩුව කියන වචනයද දූෂණය වී ඇත. දැන් මිනිසුන් පිහිටුවන්නට යෝජිත මේ ආණ්ඩුව දිහා බලන්නේ මේ හතරකට්ටුව දිහා බලන පිළිකුලෙන් මය. මේ නිසා අන්තර්වාර ආණ්ඩුව යන්න රාජපක්ෂ කෙමනක් බව, ප්‍රෝඩාවක් බව, ව්‍යාජයක් බව බොහෝ දෙනෙක් පවසති. මෙහි සත්‍යතාවක් පවතී. ඒ සත්‍ය පවතින්නේ පොහොට්ටුව මුල්වී මෙම පාලනය බිහිකරන තුරු පමණි. අප එය තේරුන් ගත යුතුය. එනිසා විපක්ෂ ප්‍රජාව ඉහත හතරකට්ටුව දඟදාන පාලනයක් බිහිකිරීම වැළැක්වීමට සෑම දෙයක්ම කළ යුතු අතරම ඊට සමාන්තරව අප හිතන පතන පන්නයේ පාලනයක් බිහිකර ගැනීම සඳහා අරගලය තීවුර කළ යුතුය. ඒ සඳහා අප සිතන…
Read Moreකකුළු පාර්ලිමේන්තුව..!
ඊයේ (26) දා පළාත් සභා හිටපු නියෝජිතයන් හමුවූ අගමැති මහින්ද රාජපක්ෂ තරුණ හැඟීමෙන් කීවේ තමන් යන්න සූදානම් නැති බවය. ගමේ සිට කොළඹ පැමිණ තිබූ හිටපු පළාත් නියෝජිතයන් ඔල්වරසන් දුන්හ. ඔවුන් නැවත ගමට ගිය පසුව ඔවුන්ගේ ගෙවල්වලට යන්නට තරුණ උද්ඝෝෂකයන් කටයුතු කරාවිදැයි අපි දන්නේ නැත. මේ අහු අස්සේ හිටපු අමාත්‍යවරියක් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය යූ ටියුබ් නාලිකාවක් සමග එකතුව ප්‍රකාශ කරන්නී මේ අයියා මලෝ වහාම තනතුරු අතහැරිය යුතු බවය. ඇය එහිදී ඖෂධ හිඟය ගැන සානුකම්පිතව අදහස් දක්වනු පෙනුනි. ජනතාවගෙන් සමාවද ඉල්ලා සිටින්නීය. මේ දේවල් මෙහෙම උනත් ප්රශ්නය විසඳෙන බවක් පෙනෙන තෙක්…
Read Moreරුපියල පා කිරීම බැසිල්-කබ්‍රාල් අවුලේ ප්‍රතිපලයක්ද?
කැබිනට් මණ්ඩලයට නොදන්වා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පා කිරීමට ගත් තීරණය බැසිල්-කබ්‍රාල් ගැටුමේ ප්‍රථිපලයක් දැයි දේශපාලන විචාරකයෝ සැකපළ කරයි. විදෙස් ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවන සෑම ඩොලරයකටම රුපියල් 38ක් වැඩිපුර ලබා දීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සහ මහ බැංකුව විසින් රුපියල පා කිරීමට ගත් තීරණය එකිනෙකට පරස්පර වීම සහ මෙම තීරණයන් දෙක ගැනීමේදී ශ්‍රී ලංකා මහබැංකුව සහ කැබිනට් මණ්ඩලය හෝ මුදල් අමාත්‍යවරයා අතර නිසි සන්නිවේදනයක් සිදුනොවී ඇති බව වාර්තා වෙන අතර එයට හේතුව මෙම ගැටුම විය හැකියැයි එම ආරංචි මාර්ග සැකපළ කරයි. රුපියල පා කිරීමට මහ බැංකුව පසුගිය 07 වෙනි…
Read More