ජනාධිපති සටන ඇරඹේ..!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනතුර හැර ගිය පසු පුරප්පාඩු වූ එම තනතුරට අනුප්‍රාප්තිකයෙක් තෝරාගැනීමේ ඡන්දය මේවනවිට ආරම්භ වී ඇත.

මෙම පාර්ලිමේන්තු ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක ඉදිරිපත්වී සිටින අතර තරඟය ආරම්භ වනවිට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඉදිරියෙන් සිටින බව දැනගන්නට ලැබේ.

වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය :
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 145
සමගි ජන බලවේගය – 54
ඉලංකෙයි තමිල් අරසු කච්චි – 10
ජාතික ජන බලවේගය – 03
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය – 02
අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් – 02
තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් – 01
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 01
මුස්ලිම් ජාතික සන්ධානය – 01
තමිල් මක්කල් තේසිය කූට්ටනි – 01
අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය – 01
ජාතික කොංග්‍රසය – 01
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 01
එක්සත් ජාතික පක්ෂය – 01
අපේ ජන බල පක්ෂය – 01

Social Sharing
Uncategorized නවතම පුවත්