සජිත් ජනපති..! ඩලස් අගමැති..!

සජිත් ප්‍රේමදාස මහතා නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

විපක්ෂයේ සියලුම පක්ෂ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධුරය ලබාදෙනවාට සිය එකඟතාවය පළකර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම මුලින් ඩලස් අලහප්පෙරුම ජනාධිපති ලෙස පත් කළ යුතුයැයි ප්‍රකාශ කළත් මේවනවිට ඔවුන්ද සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වෙනවාට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත. එම සාකච්ඡාවලට අනුව ඩලස් අලහප්පෙරුම මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇත.

මාස 06ක කාලයක් සඳහා පිටුවන්නට යෝජිත නව සර්වපාක්ෂික එකඟතා ආණ්ඩුව උපදේශක මණ්ඩලයකින්, නායකත්ව මණ්ඩලයකින් සහ අමාත්‍යවරුන් 10 දෙනෙකුගෙන් යුක්ත අමාත්‍ය මණ්ඩලයක් ලෙස ස්ථාපනය කිරීම සඳහා මේවනවිට සාකච්ඡා පවත්වමින් ඇත.

නායකත්ව මණ්ඩලය අමාත්‍ය මණ්ඩලයට ඉහළින් සිට අමාත්‍ය මණ්ඩලය වෙත උපදෙස් ලබාදෙනු ඇතැයිද ඊට ඉහළින් පිටුවනු ලබන උපදේශක මණ්ඩලය සිවිල් නියෝජිතයන්ගෙන් වෘත්තිකයන්ගෙන් අරගලයේ තරුණ නියෝජනත්වයෙන් සමන්විත වෙනු ඇත.

පත්කරන්නට යෝජිත 10 නෙකුගෙන් යුක්ත සීමිත කැබිනට් මණ්ඩලය සඳහා එම විෂයන් හොඳින්ම හැසිරවිය හැකි මන්ත්‍රීවරුන් තෝරාගනු ඇති බව මෙම සාකච්ඡා සඳහා සහභාගී වූ සජබ ප්‍රභලයෙන් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.

-කේ. සංජීව-
Social Sharing
නවතම