සජිත් සහ ඩලස් අතර නිතරඟ එකඟතාවයක්..?

ඩලස් අලහප්පෙරුමට සහාය දෙමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තරඟයෙන් ඉවත්වෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.

මෙම නිතරඟ එකඟතාවය සඳහා පසුගිය 17 දා හවස සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර එහිදී සජබ යෝජනාව වී ඇත්තේ ඔවුන්ට අගමැති ධුරය ලැබිය යුතු බව සහ ආණ්ඩුව පත්වී මුල් සතිය තුළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම සඳහා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ය. මීට අමතරව සර්ව පාක්ෂික එකඟතා ආණ්ඩුවක් ඇතිකරගන්නේ කෙසේද යන්න, එහි අමාත්‍ය ධුර බෙදාගන්නේ කෙසේද යන්න සහ විපක්ෂයේ පක්ෂ සියල්ල එකතුව ඩලස් අලහප්පෙරුම වෙත සහාය පළකරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා පැවැත්වී ඇත.

මේ පිළිබඳව සජබ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේ අද (18) දිනය තුළ මෙම එකඟතාවය ඇතිකරගන්නට සහ හෙට (19) නාමයෝජනා දෙන දිනයේදී විපක්ෂයේ සියලු පක්ෂ සහ කණ්ඩායම් නායකයන් එකතුව මේ පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් මාධ්‍යට ප්‍රකාශ කිරීම සඳහා අද දිනයේදී එකඟතාවයකට එන්නට බලාපොරොත්තු වෙන බවය.

මෙම තත්ත්වය තුළ විපක්ෂයේ සියලු පාර්ශවයන් එකතුවන්නේ නම් ශ්‍රීලනීපයද ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දෙනු ඇතැයි වාර්තා වෙන අතර ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ ඡන්ද 125ක සීමාවට පැමිණීමට හැකිවෙනු ඇත.

Social Sharing
නවතම පුවත්