ජනපති සටනට සියල්ල සූදානම්

ලබන 20 වෙනිදා මෙරට පාර්ලිමේන්තුව මගින් තෝරාගන්නා අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාම යෝජනා භාරදීමට තවත් පවතින්නේ පැය කිහිපයක කාලයක් පමණි.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් මේ වන විට ඒ සඳහා තරග වදින බවට ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ විට තම ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් මතවාදී ගැටුමකට ලක්ව තිබේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදෙන බව එහි නායක වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ ය.

මේ අතර ඊ.පී.ඩි.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේ, තම පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවයි.

ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගන්නා ඕනෑම තීන්දුවක් සමග එකඟ වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක 6පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ ය.

Social Sharing
නවතම