අනුප්‍රාප්තික ජනපති රනිල්

අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනපති තේරීමේ ඡන්දයෙන් වැඩබලන ජනපති ලෙස සිටි රනිල් වික්‍රමසිංහ තේරී පත් වුණි. ඒ ඡන්ද 134 ලබා ගනිමිනි. එසේම ප්‍රකාශිත ඡන්ද 223 අතරින් ඡන්ද 04 අවලංගු වි ඇත.

ඩලස් අලහප්පෙරුම ඡන්ද 82ක් සහ අනුර කුමාර දිසානායක ඡන්ද 03ක් ලබා ගෙන ඇත.

හිටපු ජනපති ගෝඨාබය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමත් සමඟ හිස් වූ ජනාධිපති ධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරාගැනීමේ ඡන්දය අද (20) පැවැත්වුණි. ඊට රනිල් වික්‍රමසිංහ,අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරු ඉඳිරිපත් වුණි.

Social Sharing
නවතම