ජනපති ඩලස් ..!

රාජපක්ෂ විරෝධී අපේක්ෂකයා ලෙස ඩලස් අලහප්පෙරුම විපක්ෂයේ පක්ෂ සමඟ එකඟතාවයෙන් තරඟ කරනු ඇතැයි දැනගන්නට ලැබේ.

අයිතිය වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ යහපාලනයේ හිටි ප්‍රබල අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේ අගමැති ධුරය පිළිබඳව තිබුණ ගැටලුව පිළිබඳව සාකච්ඡාකර එකඟතාවයකට එන්නට සජබ සහ පොහොට්ටුවේ ඩලස් පාර්ශවයට හැකිවූ බවය.

ඒ අනුව අද (19) පාර්ලිමේන්තුවේ දී සජිත් ප්‍රේමදාස නාමයෝජනා නොදෙනු ඇති බවත් ඔහුගේ සහාය ඩලස් අලහප්පෙරුමට ලබාදෙන බව නිළ වශයෙන් ප්‍රකාශ කරනු ඇති බවත් ය.

මෙම තත්ත්වය තුළ ශ්‍රීලනීපයද ඩලස් අලහප්පෙරුම වෙත සිය සහාය පළකරනු ඇතැයි ප්‍රකාශ කළ ඒ මහතා ටීඑන්ඒ මන්ත්‍රීවරුන්ද ඩලස් අලහප්පෙරුම වෙත සිය සහාය ලබාදීමට ඉඩ ඇති බව ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය තුළ ඩලස් අලහප්පෙරුම වෙත අවම ඡන්ද 125ක් ලැබෙනු ඇතැයිද මේ අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඔහු විය හැකි බවද ප්‍රකාශ වෙයි.

 

Social Sharing
Uncategorized නවතම පුවත්