රාජපක්ෂලා අරගලය කුඩු කරපු හැටි

රනිල්ද සජිත්ද නැත්තං වෙන කවුද ආදී වශයෙන් ලොකු නම් තරගයක් යනවා. තාමත් අගමැතිවරයා දිවුරුම් දීලා නෑ. අපි ඉන්නෙඉතාම භයානක අස්ථාවරත්වයක. ඒත් අවාසනාවකට රටේ අරගලය කරන පිරිස්වලට වගේම ජවිපෙ සජබෙ ආදී ප්‍රධානපක්ෂවලටත් මේ අවදානම තේරෙන්නෙ නැහැ. අනුර සහ සජිත් දෙන්නම තමන්ගේ කොන්දේසිවල ලියන්නේ ගෝටා අයින් වුනොත්තමන් ආන්ඩුව බාරගන්නවා කියලයි. ඒත් ආන්ඩුව බාරගෙන ව්‍යවස්ථානුකූලව ගෝටා එළවීමේ අභියෝගය කිසි කෙනෙක්බාරගන්නෙ නෑ. රනිල් ආන්ඩුව බාරගන්න කැමති බව ප්‍රකාශ කරලා තිබුන. එතකො‍ට බටලන්දයි, බැඳුම්කරයි, මහින්දගෙ යාලුවොයි ආදී වශයෙන්චෝදනා ලැයිස්තුවක් සෝෂල් මීඩියා හරහා පැතිරෙන්න ගත්තා. තව සමහරු රනිල් විසින් නාමල්ට පාර කපනු ඇතැයි කිව්වා.  මේ හැම…

Read More

“සජිත් ගන්න, අපි සහාය දෙනවා” ශ්‍රීලනිපය කියයි!

Sri Lanka Freedom Party is ready to support Sajith Premadasa as the Prime Minister.

සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නේ ඒ හරහා ගොඩනැඟෙන නව ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සුදානම් බව එම පක්ෂය පවසයි. කොළඹ දී මහා සංඝරත්නය හමුවී පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මේ බව ප්‍රකාශ කර ඇත. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි මේ වේලාවේ ඉල්ලන්නේ, සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා විදියට මේ ආණ්ඩුව භාරගන්නේ නම් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඒ ආණ්ඩුව ගෙනයෑමට යම් සහයෝගයක් ලබාදීමට පුළුවන්. ඒකට අපි පක්ෂයක් විදිහට සුදානම්. රට අරාජික කරන්න බෑ. අද අපි අපේ පක්ෂ 11හේ නායකයින් සමග…

Read More

සජිත් කැමතිනම් ඔහුට දිය යුතුය..!

Opposition Leader Sajith Premadasa is preparing to become the Prime Minister

මේ වනවිට රට පූර්ණ වශයෙන්ම අරාජික තත්ත්වයට පත්වී ඇත. මහජන ආරක්ෂාව සඳහා මහජනයා විසින්ම නඩත්තු කළ පොලීසිය දැන් දක්නට නැත. ඔවුන් දැන් ඉන්නේ පොලීසිය ඇතුලේ සැඟවීගෙනය. නෙක හමුදාවන් සහ ඒවායේ රෙජිමේන්තු මහජන ආරක්ෂාව සඳහා සහ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා මහ පාරට කැඳවා ඇත. මේ අතර ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ දේපලවලට අලාභ හානි කරන්නන්ට වෙඩි තබන්නටය. මෙම තත්ත්වය තුළ ජනතාවට පොලීසිය සහ රජය කෙරෙහි තිබුණ විශ්වාසය ගිලිහීගොස් ඇත. එය භයානක තත්ත්වයකි. වහාම පිළිසකර කරගත යුතු තත්ත්වයකි. එනිසා මේ අරාජිකත්වයට රට ඇද දැමූ අරලියගහ මන්දිර වාචාලයන් ද, එහි සංවිධායකයන්ද, උසී උසී…

Read More

සජිත් අගමැති..!

Sajith Primadasa will be sworn in as the new Prime Minister

සජිත් ප්‍රේමදාස නව අගමැති ලෙස හෙට (11) හෝ අනිද්දා (12) වෙනවිට දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි. අද දිනයේ දී සජිත් ප්‍රේමදාස සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ බෞද්ධ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් අතර සාකඡ්ඡාවක් පැවතී ඇති අතර එහිදී උන්වහන්සේලා අග්‍රාමාත්‍ය ධුරය වහාම භාරගෙන රට මෙම අරාජිකත්වයෙන් ගලවාගන්න යැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිට ඇත. එම සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත්තේ, සංඝරත්නය එකාබද්ධව සෑදෙන නව ආණ්ඩුව සමග එකට සිටගන්නා පොරොන්දුව මත පමණක් තමන් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට කැමති බවය. මෙම එකඟතාවයෙන් පසුව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාව විපක්ෂ නායක කාර්‍යාලයේදී…

Read More

සජිත්ගේ පැමිණීම සහ අනුරගේ පැමිණීම අතර පරතරය..!

අනුර කුමාර වාහනේ දාලා පයින් ආවා සජිත් වාහනේ සහ ගාඩෙක පිටින් ආවා ඒ නිසයි ගැහුවේ කියන බබාලට කියන්න තියෙන්නේ මෙච්චරයි… සජිත්ට ගහපු එක, එතන ඒ වෙලාවේ හිටපු ජාතික ජන බලවේගයේ අපේ මිත්‍රයෙක් තමයි ලීඩ් කළේ. අවුලක් නෑ මට ඒ ගැන. ඒක ඔහුගේ දේශපාලන දැක්ම. මගේ කතාව ඒක නෙවෙයි.. එතන ඒ අවස්ථාවෙ කවුරුහරි කිව්වනම් ශැංග්‍රීලා එකට ගහමු කියලා ඒකත් ඒ මිනිස්සු කරනවා. ඒක තමයි මෙවැනි අවස්ථාවක තත්ත්වය. අනුරකුමාර ආපු වෙලෙත් කවුරුහරි එතන එහෙම කරන්න ඕනී කෙනෙක් හිටියනම් කරන්න තිබුණා. ඒ තත්ත්වය හැටියට එතන ඒ අවස්ථාවේ මිනිස්සු උසිගන්වනවා කියන්නේ මහාලොකු දෙයක් නෙවෙයි.…

Read More

ජනමතය තියෙන්නේ කොහේද?, තමුසෙලා දෙන්නම දන්නේ නෑ..!

Gotagoogama galle face protest Anura Kumara Dissanayake sajith premadasa

ගෝල්ෆේස් සටන ඉල්ලන්නේ මොනාද? ගෝඨා ගෙදර පල, ඒ තමයි පළවෙනි ඉල්ලීම. දෙවෙනි ඉල්ලීම තමයි මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවත් ගෙදර පල කියන එක. තුන්වෙනි එක තමයි උබලා හොරාකාපු සල්ලී දීපියව් කියන එක. මේවගේ ඉල්ලීම් ගොඩක් වටේ අද ලංකාවෙම තරුණයෝ එකතුවෙලා ඉන්නවා. අද අප්‍රේල් 28, මේ ලිපිය ලියන්න ගන්නකොට වෙලාව හවස හතයි කාලයි. මේවෙනකොට අපි දන්නවා අද ක්‍රියාත්මක වුණ වැඩ වර්ජනය අති සාර්ථකයි කියන දේ. කොග්ගල කටුනායක වගේ නිදහස් වෙළඳ කලාපවල තරුණ තරුණියෝ පාරට බැහැලා අද මොකෝ කීවේ? ඔවුන් අද එක හඬින් කීවේ උබලා තව මාසයක් හිටියොත් අපිට රස්සාත් නැතිවෙනවා ඒ නිසා අයියයි…

Read More

දෝෂාභියෝගයට අත්සන් ගැනීම ඇරඹෙයි, සජිත් ආණ්ඩුව ගන්න කැමතියි

sajith premadasa

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පාර්ලිමේන්තු බලය භාවිතා කරමින් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝග යෝජනාවක් සහ විශ්වාසබංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි. මෙම යෝජනා දෙක සඳහාම මන්ත්‍රීවරුන් උනන්දුවෙන් අත්සන් ලබාදෙමින් සිටින බව වාර්තා වෙන අතර යෝජිත අන්තර්වාර පාලනයේ නායකත්වය ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. මාස 06ක පමණ පාලන කාලයකට මෙම ආණ්ඩුව පිහිටුවනු ඇතැයිද ඉන්පසුව වහාම මැතිවරණයකට යනු ඇතැයි ද කරුණු වාර්තා වෙයි.

Read More

විධායකය සතියකින් අයින් කරමු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

sajith premadasa

ඇතිවී තිබෙන මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුව වහාම ක්‍රියාත්මක වී සතියක පමණ කාලයක් ඇතුලත විධායක ජනාධිපති ධුරය ඉවත් කළ යුතුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. උවමනාව තිබෙනවා නම් කරන්න බැරි දෙයක් නැති බවත් සතියක කාලයක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සඳහා පියවර ගත හැකියැයි ප්‍රකාශ කළ ඒ මහතා ඒ සඳහා පාර්ලිමේන්තුව වහාම කටයුතු කළ යුතුයැයි ප්‍රකාශ කරයි.

Read More