ආණ්ඩුව පෙරළා දමන්න සජිත්ගෙන් ට්‍රයි එකක්..

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් රට කඩාවැටී ජනජීවිතය අවුලෙන් අවුලට යෑම වැළැක්වීම සඳහා වහාම නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සජබ සාකච්ඡාවට පිවිස ඇතැයි වාර්තා වෙයි.

පසුගිය 4 දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රී හමුවක් විපක්ෂ නායක කාර්‍යාලයේදී හදිස්සියේ පැවතී ඇති අතර එහිදී විමල් වීරවංස සහ උදය ගම්මන්පිළ ඇමති ධුරවලින් ඉවත් කිරීමත් සමග ඇතිවී තිබෙන ආණ්ඩුවේ පිපිරීම පිළිබඳව සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

එහිදී මන්ත්‍රී කණ්ඩායමේ බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ සජිත් ප්‍රේමදාස ගේ අග්‍රාමාත්‍ය ධුරයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට හෝ වහාම පාර්ලිමේන්තු ඡන්දයක් ලබාගැනීමට හෝ විපක්ෂය උත්සාහ දැරිය යුතු බවයි.

මේ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ කොළඹට විශාල ජන ගඟක් ගෙන එමින් මෙම ආණ්ඩුව ගෙදර යැවීම සඳහා අවශ්‍ය කටයුතු ලබන සතියේදී අරඹන බවය. මෙම හමුවෙන් පසුව මාධ්‍ය ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අවධාරණය කළේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් අලුත් මැතිවරණයක් වෙත යා යුතු බවය.

Social Sharing
නවතම