අම්පාර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිතවත් පිරිසකට ලබාදුන්නා යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අම්පාර ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරීන් පිරිසකට කුනුහරුපයෙන් බැනවැදී ඇත.
මෙම ආණ්ඩුව හැදුවේ තමන් බවත් සජිත්ට වැඩ කරපු අයට ව්‍යාපෘති බාර දුන්නේ මන්දැයි ඔහු නිලධාරීන්ට තදින් බැණ වැදුනු මෙම සිදුවීම අන්තර්ගත වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වී ඇති අතර මීට පෙර අවස්ථා කිහිපයකදී ද මේ අමාත්‍යවරයා මෙලෙස හැසිරී ඇත. ආසන්නතම සිදුවීම වන්නේ වනජීවී නිළධාරීන්ට කුනුහරුපයෙන් බැනවැදීමය.