“සජිත් ගන්න, අපි සහාය දෙනවා” ශ්‍රීලනිපය කියයි!

සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නේ ඒ හරහා ගොඩනැඟෙන නව ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සුදානම් බව එම පක්ෂය පවසයි.

කොළඹ දී මහා සංඝරත්නය හමුවී පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මේ බව ප්‍රකාශ කර ඇත.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි මේ වේලාවේ ඉල්ලන්නේ, සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා විදියට මේ ආණ්ඩුව භාරගන්නේ නම් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඒ ආණ්ඩුව ගෙනයෑමට යම් සහයෝගයක් ලබාදීමට පුළුවන්. ඒකට අපි පක්ෂයක් විදිහට සුදානම්. රට අරාජික කරන්න බෑ.

අද අපි අපේ පක්ෂ 11හේ නායකයින් සමග සාකච්ඡා කරනවා මේ ගැන. ඉදිරියේදී මේ ගැන පොදු තීරණයකට එන්න බලාපොරොත්ට්තු වෙනවා. ජනාධිපතිවරයා යනකල් අගමැතිවරයා පත්කරන්න බැහැ කියන මතයේ ඉන්නවාට වැඩිය අපි කියන්නේ ඒ නායකත්වය අරගෙන වැඩකරන්න “.

Social Sharing
නවතම