විපක්ෂේ දොරවල් ඇරගනී!

පක්ෂයෙන් පක්ෂයට සාමාජිකයන් මාරු වීමේ අපේක්ෂාවෙන් විපක්ෂයේ පක්ෂ දෙකක්ම තමන්ගේ දොරටු විවෘත කරගෙන ඉන්නා බව ප්‍රකාශයට පත් කර තිබේ.

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයත්, රනිල් වික්‍රමසිංහ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වී සිටින එක්සත් ජාතික පක්ෂයත් එසේ බලා ඉන්නා පක්ෂ දෙකයි.

එජාපය හැර ගිය කිසිවකුටත් පක්ෂයේ දොර වසා නැති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසා තිබුණි.

“සජබේ ඉන්න වැඩි දෙනෙක් අපේ යාළුවන් සහ හිටපු UNP මන්ත්‍රීවරුන්යැ,” යි හිටපු අමාත්‍ය විජේවර්ධන සති අන්තයේ මාධ්‍යවේදීන් අමතා කොළඹ ජානකි හෝටලයේ පැවති රැස්වීමකදී පවසා තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වන සජබ නායකක්, ඔවුන්ගේ පක්ෂයේ දොරද එජාප සාමාජිකයන් වෙනුවෙන් විවෘතව පවතින බව පවසමින් ඊට කොන්දේසියක්ද පනවා තිබුණි.

“දුෂණයෙන් කිලිටි වී නැති සහ/හෝ බැඳුම්කර මගඩියේ කොටස්කරුවකු වී නැති ඕනෑම එජාප සාමාජිකයකුට සජබ දොරවල් ඇරී තිබේ,” යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමාජ සංවර්ධන ලේකම් සහ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික රෙහාන් ජයවික්‍රම ට්වීට් කර තිබුණි.

පක්ෂ මාරුව නිසා ඔහුට වැලිගම නගරාධිපති ධුරය අහිමි විය.

වෙනත් පක්ෂවල සාමාජිකයන්ට දොරටු විවෘත වී ඇතිද යන්න හෝ, එසේ ඇර ඇති දොරවල්වලින් පිටව යාමේ හැකියාව ගැන හෝ පක්ෂ දෙකම කිසිත් කියා නැත.

Social Sharing
නවතම