පොලීසියේ වරදින් ජීවිතයෙන් වන්දි ගෙවන සමන්ත

Read More

මාධ්‍යට එරෙහි හිංසනය “අමතක නොකරමු!”

freedom of press attack on journalist in sri lanka

පසුගිය දශක කිහිපය තුළ ඝාතනයට, අතුරුදන් කරවීමට, පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් සිහිකරමින් සහ ඔවුන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් “අමතක නොකරමු” මැයෙන් වැඩසටහනක් ජනවාරි 31 වනදා සවස 04.30 ට කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ බුදුරුව අබියසදී පැවැත්වේ. අයිතීන් උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙම වැඩසටහන සංවිධානය කෙරේ. භාෂණයේ සහ ප්‍රකාශනයේ අහිමි කළ නොහැකි අයිතිය භාවිතා කරමින් පෑන සහ කැමරාව මෙහෙයවූ මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් මේ වන විට ඝාතනයට හෝ අතුරුදන් කිරීමට ලක්ව ඇති බව නොරහසකි. දශක ගණන් ගත වුව ද එම සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය සාධාරණත්වය ඉටු නොවී තිබීම…

Read More

දේපල ඉඩකඩම් විකිණීම හැර විකල්ප නැහැ!

government lands grabbing Selandiva Company

රට තුළ උද්ගත දැඩි ආර්ථික අර්බූදයට විසඳුම වශයෙන් කොළඹ නගරයේ පිහිටි ‍රජය සතු වැදගත් සහ මිල අධික ගොඩනැඟිලි සහ ඉඩම් විකුණා දැමීම සඳහා ආණ්ඩුව සූදානම් වෙමින් ඇතැයි ආණ්ඩුවේම අභ්‍යන්තර ආරංචි ප්‍රකාශ කරයි. මේ අනුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් හෝටලය, යෝක් ගොඩනැගිල්ල, ආදී බොහෝ ආර්ථික මර්මස්ථාන සෙලන්දිවා සමාගම යටතේ විකුණා දැමීමට නියමිතය. මීට අමතරව ත්‍රිකුණාමලය වරාය පරීශ්‍රයට ආසන්න ඉඩම් මෙන්ම ගාලු වරාය පරීශ්‍රයට ආසන්න රජයේ ඉඩම්ද ආයෝජන සඳහා නිදහස් කිරීමට රජය සූදානම් බව දැනගන්නට ඇත.  

Read More

වියත්මගට බනින්න එපා, මේවට වියත්මග සම්බන්ධ නෑ

nalaka godahewa viyathmaga gotabaya rajapaksha

ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වියත්මග නම් සංවිධානයට බැනලා වැඩක් නැති බවද, වියත්මග මේ රට පාලනය කරන්නේ නැති බවද, වියත්මග සංවිධානයේ නියෝජිතයෙක් වන වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක්ද වන නාලක ගොඩහේවා ප්‍රකාශ කරයි. කැබිනට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව ගතහොත් එතන කිසිඳු වියත්මගේ සාමාජිකයෙක් නැති බවද, රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පමණ සිටින තැනක වියත්මග නියෝජනය කරන්නේ තුන් දෙනෙක් පමණක් බවද ඒ අනුව මේ රට දුවන්නේ වියත්මගෙන් නොවෙන බවද පැහැදිලි බව ඒ මහතා යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත. වියත්මග බුද්ධි මණ්ඩලයක් බවත්, එය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය සැකසීම සඳහා කැපවුණ බවත්, එතනින්…

Read More

අමතක නොකරමු..!

attack on journalist freedom of press sri lanka

ජනවාරිය කියලා කියන්නේ ලංකාවේ මාධ්‍යවේදීන්ට බිය වේදනාව ගෙන එන මාසයක්. අනික් පැත්තෙන් යුක්තිය ඉල්ලලා සටන් කරන මාසයක් තමයි ජනවාරිය. ඒකට හේතුව ලංකාවේ මාධ්‍ය මර්ධන ඉතිහාසය අස්සේ ජනේරුව කියන්නේ සුවිශේෂ මාසයක් නිසා. ජනේරුව සැරසිලා තියෙන්නේ ලේවැකි මාධ්‍ය මර්ධනයක අඳුරු සෙවනැලි එක්ක. බීබීසී සන්දේශය කියන විදිහට 1980 දශකයෙන් පස්සේ මේ වෙනකොට මාධ්‍යවේදීන් 117ක් ඝාතනය කරලා තියෙනවා. නමුත් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් ප්‍රමානය මීට සෑහෙන්න වැඩිවෙන්න පුලුවන්. නිළ සංඛ්‍යා ලේඛන නොමැතිකමින්ම පේනවා මේ මාධ්‍යවේදීන්ට යුක්තිය කොතරම් දුරයිද කියන දේ.  භාෂනයේ නිදහස වගේම ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් තමයි මේ මාධ්‍ය සඟයන් සිය ජීවිතය කැප කරන්නේ. එහෙත්…

Read More

ඇන්ටිජන් කට්ටල හිඟය නිසා සමස්ත රෝගී ප්‍රජාවම අනතුරේ

ravi kumudesh Lack of antigen sets Ministry of Health

රට පුරා පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය හේතුවෙන් කොවිඩ් රෝගීන් හදුනා ගැනීමට අමතරව අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පවා ප්‍රමාදවන තත්වයක් මතුවී ඇති බව සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයකු පවසයි. රෝහල් සදහා ඇනවුම් කළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ඖෂධ සැපයීම් අංශය මගින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය මතු වී ඇති අතර, පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ සදහා පිළියමක් යෙදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ. කොවිඩ් කාර්යසාධන බලකායක් පිහිටුවා සෞඛ්‍ය යාන්ත්‍රණය හැසිරවීම හේතුවෙන්, වෘත්තීවේදීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමුහික තීර්ණ ගැනීමේ යාන්ත්‍රණය…

Read More

නීතිඥවරුන් සඳහා මර්ගෝපදේශ අත්පොතක්.

Guidelines for Attorneys Handbook torture Sri lanka

පොලිස් හා රාජ්‍යමය වදහිංසාව ඉහළ යන පසුබිමක් තුළ වදහිංසා පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන් නිසියාකාරව හා කාර්යක්ෂමව කටයුතු කිරීම වැදගත් වී ඇත. ඒ සදහා ඔවුන්ට සහය දැක්වීමට දීර්ඝ කාලයක් තිස්සේ වදහිංසනයට, කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිලිවලට විරුද්ධව ක්‍රියාකල රයිට් ටු ලයිෆ් සංවිධානය (Right To Life Human Rights Center) නීතිඥ අර්මිසා ටීගල් මෙනවිය සමග එක්ව වදහිංසා නඩු සම්බන්ධව කටයුතු කරන නීතිඥයවරුන් වෙනුවෙන් මාර්ගොපදේශයක් සකස්කර එය එළිදැක් වීම මානව හිමිකම් උදෙසා නීතිඥයෝ එකමුතුව හා එක්ව සිදු කරන ලදි. මෙහිදී ප්‍රධාන අදහස් දැක්වීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ…

Read More

IMF යනවා – බැසිල්

imf Basil Rajapaksa imf loan to sri lanka debt

පවත්නා ආර්ථික අර්බූදය විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සමග සාකච්ඡා කිරීමට සලකා බලමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ලන්ඩන් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. එහිදී මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ණය ගෙවීම පැහැර හැරීම වළක්වා ගැනීමට සහ ආර්ථික අර්බුදය සමනය කිරීමට ශ්‍රී ලංකාව සියලු විකල්පයන් සලකා බලමින් සිටින බවය. විදේශ මුදල් සංචිත නොමැතිකම නිසා ඇතිවී තිබෙන විදුලි අර්බූදය, ඉන්ධන, කිරිපිටි ඖෂධ හිඟය ඇතුළු ආනයන හිඟය, උද්ධමනය යන ගැටලු උග්‍ර කර ඇති බවත් තවත් ඩොලර් බිලියන 1 ක් ජූලි මාසයේදී ගෙවීමට නියමිත නමුත් දැනටමත් ශ්‍රී ලංකාවේ…

Read More

තැපැල් සංකේත නාමාවලිය අවු 26 ට පසු නැවත මුද්‍රණයවේ

Sri Lanka Postal Code Directory Department of Posts

තැපැල් දෙපාර්තමේන්තුව හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකා තැපැල් සංකේත නාමාවලියේ පලමු මුද්‍රණයෙන් විසි හය වසරකට පසුව එහි  දෙවැනි මුද්‍රණය  එළි දක්වා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිටගේ  සහ  තැපැල්පති රංජිත් ආරියරත්නගේ  ප්‍රධානත්වයෙන් එම එළිදැක්වීම ජනවාරි 26 වැනිදා සිදු කර ඇත. මෙම නාමාවලියේ පළමු මුද්‍රණය 1996 දී සිදු කර තිබේ. මෙම වර්ෂයේ දී එහි දෙවැනි මුද්‍රණය සිදුකළ අතර එම මුද්‍රණයේ පළමු පිටපත ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත පිරිනැමු බව රජය සඳහන් කරයි. 21වැනි සියවසේ කාර්යක්ෂම තැපැල් සේවාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් තැපැල් කටයුතු විධිමත් කිරීමට එහි කටයුතු ඩිජිටල්කරණය කළ…

Read More

විධායක ජනාධිපති ක්‍රමය ගැන “අමතක කිරීම”

“විකටයෙකු රජවාසලේ පදිංචියට ගිය විට ඔහු රජෙකු බවට පත්නොවෙයි. රජවාසල නාඩගම් මඩුවක් බවට පත්වෙයි”- (තුර්කි ප්‍රස්තාවපිරුළකි) පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුණොත් ඇති විය හැකි තත්වය ගැන, විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන් අවස්ථාවේම ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අනතුරු අඟවා තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති පිස්සෙක් ඇමරිකාවේ ජනාධිපති තනතුරට පත්විය. එහෙත් ඊළඟ පළමු අවස්ථාවේම ඔහුව එම තනතුරින් ඉවත් කිරීමට එරට ජනතාව සමත් වූහ. 1978 දී පටන් ගත් ලංකාවේ ජනාධිපති ක්‍රමයේ පළමු පාලන කාලය අවුරුදු 17 ක් යන තෙක් වෙනස් කරගැනීමට නොහැකි විය. ඊළඟට 1994 දී බලයට පත් පාලනය අවුරුදු 21 ක් යන තෙක්…

Read More