පවත්නා ආර්ථික අර්බූදය විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සලකා බලමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ලන්ඩන් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.
එහිදී මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ණය ගෙවීම පැහැර හැරීම වළක්වා ගැනීමට සහ ආර්ථික අර්බුදය සමනය කිරීමට ශ්‍රී ලංකාව සියලු විකල්පයන් සලකා බලමින් සිටින බවය.
විදේශ මුදල් සංචිත නොමැතිකම නිසා ඇතිවී තිබෙන විදුලි අර්බූදය, ඉන්ධන, කිරිපිටි ඖෂධ හිඟය ඇතුළු ආනයන හිඟය, උද්ධමනය යන ගැටලු උග්‍ර කර ඇති බවත් තවත් ඩොලර් බිලියන 1 ක් ජූලි මාසයේදී ගෙවීමට නියමිත නමුත් දැනටමත් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිත අවසන් වී ඇති බවත් ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කර ඇත.