පොලිස් හා රාජ්‍යමය වදහිංසාව ඉහළ යන පසුබිමක් තුළ වදහිංසා පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන් නිසියාකාරව හා කාර්යක්ෂමව කටයුතු කිරීම වැදගත් වී ඇත.
ඒ සදහා ඔවුන්ට සහය දැක්වීමට දීර්ඝ කාලයක් තිස්සේ වදහිංසනයට, කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිලිවලට විරුද්ධව ක්‍රියාකල රයිට් ටු ලයිෆ් සංවිධානය (Right To Life Human Rights Center) නීතිඥ අර්මිසා ටීගල් මෙනවිය සමග එක්ව වදහිංසා නඩු සම්බන්ධව කටයුතු කරන නීතිඥයවරුන් වෙනුවෙන් මාර්ගොපදේශයක් සකස්කර එය එළිදැක් වීම මානව හිමිකම් උදෙසා නීතිඥයෝ එකමුතුව හා එක්ව සිදු කරන ලදි.
මෙහිදී ප්‍රධාන අදහස් දැක්වීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගෙන් ද සෙසු අදහස් දැක්වීම් නීතිඥ අර්මිසා ටීගල්, නීතිඥ ජානක එදිරිසිංහ හා නීතිඥ තනුක මාධව නන්දසිරි පැවැත්විය.
අත් පොත ලබාගැනීම සඳහා විමසීම් – නීතිඥ දුලාන් දසනායක 0771092923