රට තුළ උද්ගත දැඩි ආර්ථික අර්බූදයට විසඳුම වශයෙන් කොළඹ නගරයේ පිහිටි රජය සතු වැදගත් සහ මිල අධික ගොඩනැඟිලි සහ ඉඩම් විකුණා දැමීම සඳහා ආණ්ඩුව සූදානම් වෙමින් ඇතැයි ආණ්ඩුවේම අභ්‍යන්තර ආරංචි ප්‍රකාශ කරයි.
මේ අනුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් හෝටලය, යෝක් ගොඩනැගිල්ල, ආදී බොහෝ ආර්ථික මර්මස්ථාන සෙලන්දිවා සමාගම යටතේ විකුණා දැමීමට නියමිතය. මීට අමතරව ත්‍රිකුණාමලය වරාය පරීශ්‍රයට ආසන්න ඉඩම් මෙන්ම ගාලු වරාය පරීශ්‍රයට ආසන්න රජයේ ඉඩම්ද ආයෝජන සඳහා නිදහස් කිරීමට රජය සූදානම් බව දැනගන්නට ඇත.