උසාවියෙන් යුක්තිය නොලද ඈ…….

මහින්ද රාජපක්ෂ පාලන සමයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද  සිය  සැමියා වෙනුවෙන් යුක්තිය ඉටු වන තෙක් අරගලය අත්නොහැර  දිගටම කරන බව  අතුරුදහන් සැමියා වෙනුවෙන් නොසැලෙන අරගලයක යෙදීමට ගෞරව පිණිස ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.

ජනවාරි 24 වැනි දින නවගමුවේ පත්තිනි මැණියන්ගෙන් කාලි මෑණියන්ට ගෙන ආ සන්දේශය ජනවාරි 25 වැනිදා කාලි මැණියන්ට බාර දුන් සන්ධ්‍යා එක්නැලිගොඩ  එහිදී සිය සැමිය  වෙනුවෙන් යුක්තිය ඉල්ලා  කාලි මැණියන් ඉදිරියේ බාර වුයේ සිය හිස මුඩු කරමිනි.

Sandya Eknelygoda kali covil Prageeth attack on journalist Sandya Eknelygoda kali covil Prageeth attack on journalist Sandya Eknelygoda kali covil Prageeth attack on journalist

තම පෙම්බර සැමියා අතුරුදහන් කිරීමේ අපරාධය සිදුකොට දොළොස් අවුරුද්දක් තිස්සේ නිදැල්ලේ ජීවත්වන අපරාධකරුවන්ට දරුණු දණ්ඩන පමුණුවන ලෙස එම සංදේශයෙන් පලි ගසා  තිබුණි.

සිය සැමියා අතුරුදහන් කරන සමයේ බලයේ සිටි රාජපක්ෂ වරුන් 2019 වර්ෂයේදී යළිත් බලයට පැමිණි බව සිහිපත් කරන ඇය අවධාරණය කළේ එවන් පසුබිමක් යටතේ  හෙට  දවසේ අධිකරණයේ සිද්ධ  වෙන දේ සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති තත්වයකට පත්ව ඇති බවයි.

“නීතියක් නැති රටක, නීතිය වල් වදින්නට තිබෙන රටක, අපරාධ කාරයන්ට දඩුවම් නොදී නිදහස් කරන රටක, හෙට දින අධිකරණයේ කුමක් වේදැයි නොදන්නා රටක, සියල්ලෝම තුෂ්නිම්භුතව බලා ඉන්නා රටක වසර 12 ට පසු තමන්ට කාලි මැණියන් වෙත පැමිණිමට” සිදුවු බව ඇය එහිදී වැඩි දුරටත් පැවසුවාය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කර තිබුනේ 2010 ජනවාරි 24 දාය.

Sandya Eknelygoda kali covil Prageeth attack on journalist 2

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් ද ඊට පෙර කැරලි වලින්ද අතුරුදහන් දහස් සංඛ්‍යාත ජනකායකගේ ඥාති සමුහයාගේ සංකේතයක් බවට පත්වූ කාන්තාවක් ලෙසින් සන්ධ්‍යා එක්නැලිගොඩ එක්සත් ජනපද ජගත් දිරිය කත සම්මානයෙන් 2017 වසරේදී පුද ලද්දීය.

සම්මානය සඳහා ඇය තෝරාගැනීමට හේතු පාදක වූයේ අතුරුදහන් සිය සැමියා ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ සත්‍යය හෙළි කරගැනීමට බාධා පෑ බලධාරීන්ගේ අවහිර නොතකා අසූ වතාවකට වඩා උසාවි ගානේ යමින් සන්ධ්‍යා විදහා දැක්වූ ධෛර්යය බව ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ඒ ෂැනොන් විසින් ප්‍රකාශ කර තිබුනි.

යුක්තිය සොයා යොදුන් ගණන්

සිය සැමියාට යුක්තිය පතා සන්ධ්‍යා එක්නැළිගොඩ පළමු  වසර දහයක් තුළ ගමන් ගත් දුර ප්‍රමාණය Maatram වෙබ් අඩවියේ සංස්කාරක  සෙල්වරාජා රාජසේකර් පසුගිය වසරේ ගණනය කර තිබුනි.

සෙල්වරාජා රාජසේකර් පෙන්වා දෙන පරිදි  සන්ධ්‍යා එක්නැළිගොඩ යුක්තිය ළඟා කර ගැනීම සඳහා පසුගිය වසර 10 ඇතුළත කිලෝමීටර්  411,220  ක දුරක් ගමන් කොට තිබේ.

මෙම දුර ප්‍රමාණය මීට වඩා වැඩි විය හැකි බව ඈ පවසයි.

ඒ අනුව අධිකරණ (හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය, අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණය, කොළඹ මහාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය) යන ඒවාද, රාජ්‍ය ආයතන (පොලිස් ස්ථාන , හමුදා මූලස්ථානය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මානව හිමිකම් කොමිෂන් සභාව) යන ඒවාද මාධ්‍ය හමු, උද්ඝෝෂණ, ප්‍රදර්ශන, ආගමික ස්ථාන, විදේශ ගමන්, (මානව හිමිකම් කොමිසම, ප්‍රදර්ශන,සම්මාන) වෙත ඈ විසින් මෙම වසර 10 තුළ ගමන් කොට ඇති දුර ගණනය කොට ඇත.

ඡායාරූප – Maatram

Social Sharing
නවතම