දයාට නිදහස…

එල්.ටී.ටි.ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් නැතිනම් වේලායුධම් දයානිධී හට ලබාදුන් වසර දෙකක සිරදඩුවමක් වසර පහකට අත්හිටුවමින් නිදහස් කිරීමට වව්නියාව මහාධිකරණ විනසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා නියෝග කොට ඇති බව වාර්තා වෙයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය නගාසිටුවීම, ආධාර හා අනුබල දීම යන චෝදනාව මත නීතිපතිවරයා විසින් 2018 වසරේදී ගොනුකල නඩුවක් පසුගිය 25 දා  විභාගයට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මෙහෙදී දයා මාස්ටර් වෙනුවෙන් පෙනී සිටි අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායකයා එවකට මාසික වැටුපකට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කල බවට මහාධිකරන විනිසුරු ඉදිරියේදී පිළිගැනීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුතුමන් අදාල නියෝගය ලබා දුන් බවය.

Social Sharing
නවතම