අමතක නොකරමු..!

ජනවාරිය කියලා කියන්නේ ලංකාවේ මාධ්‍යවේදීන්ට බිය වේදනාව ගෙන එන මාසයක්. අනික් පැත්තෙන් යුක්තිය ඉල්ලලා සටන් කරන මාසයක් තමයි ජනවාරිය. ඒකට හේතුව ලංකාවේ මාධ්‍ය මර්ධන ඉතිහාසය අස්සේ ජනේරුව කියන්නේ සුවිශේෂ මාසයක් නිසා. ජනේරුව සැරසිලා තියෙන්නේ ලේවැකි මාධ්‍ය මර්ධනයක අඳුරු සෙවනැලි එක්ක. බීබීසී සන්දේශය කියන විදිහට 1980 දශකයෙන් පස්සේ මේ වෙනකොට මාධ්‍යවේදීන් 117ක් ඝාතනය කරලා තියෙනවා. නමුත් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් ප්‍රමානය මීට සෑහෙන්න වැඩිවෙන්න පුලුවන්. නිළ සංඛ්‍යා ලේඛන නොමැතිකමින්ම පේනවා මේ මාධ්‍යවේදීන්ට යුක්තිය කොතරම් දුරයිද කියන දේ.  භාෂනයේ නිදහස වගේම ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් තමයි මේ මාධ්‍ය සඟයන් සිය ජීවිතය කැප කරන්නේ. එහෙත් ලංකා රාජ්‍යය තවමත් මේ මාධ්‍යවේදීන්ට යුක්තිය සාධාරණත්වය උරුමකරලා දීලා නෑ. යුක්තිය වෙනුවෙන් නැඟෙන උස් හඬක් සමාජයේ තිබෙනවා. එහෙත් යුක්තිය හැමදාම ප්‍රමාදයි. ලේවැකි ජනවාරිය ගැන විකල්ප වෙබ් අඩවියේ මෙහෙම සටහනක් තිබුණා. මම ඒක පහතින් උපුටන්නම්..

‘ බිහිසුණු ජනවාරියේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින් සහ කලා සංස්කෘතික ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්..

සතාසිවම් ශිවශන්මුගමුර්ත(සුන්දරම්) මාධ්‍යවේදී – 1982 ජනවාරි 02

ඩී. එන්. එස් පතිරණ(මාධ්‍ය සේවක) – 1989 ජනවාරි 24

ආනන්ද නවරත්න(ලේඛක) – 1989 ජනවාරි 25

ලක්ෂ්මන් පෙරේරා(නාට්‍ය නිශ්පාදක) – 1990 ජනවාරි 27

සුබ්‍රමනියම් සූගීර්දරාජන්(මාධ්‍යවේදී) – 2006 ජනවාරි 24

ලසන්ත වික්‍රමතුංග(කර්තෘ/මාධ්‍යවේදී) 2009 ජනවාරි 08

ප්‍රගීත් එක්නැළිගොඩ(මාධ්‍යවේදී) – අතුරුදහන් කර ඇත – 2011 ජනවාරි 24

උපාලි ගමගේ (අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයෙකි, ‛වෙඩි හඬ’ සඟරාවේ සංස්කාරක – 1990 ජනවාරි

සත්‍යපාල වන්නිගම(ලේඛක) – පැහැරගත් දිනය 1987 නොවැම්බර් 18 – ඝාතනය වූ දිනය 1988 ජනවාරි අග

මාධ්‍ය අයතනවලට ප්‍රහාර එල්ල කිරීම

සිරිස රූපවාහිණී ආයතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම – 2009 ජනවාරි 06

ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිණී තැබීම – 2011 ජනවාරි 31 ‘

පුලුල් චිත්‍රය මීට සෑහෙන්න වෙනස්. එය මීට වඩා බියකරුයි. 2006 වර්ෂයේ ඉඳලා ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ තොරතුරු නිදහස මුහුණ දුන් මර්ධනකාරී සිදුවීම් පෙළ කෙටියෙන් ඔබට පහළ ලින්ක් එක ඔබලා බලන්න පුලුවන්. ලියලා තියෙන්නේ ප්‍රවීන මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය.. https://www.vikalpa.org/article/5439

ඉතිං මේ සියලු සිදුවීම් සිහිකරමින් ඝාතනයට සහ අතුරුදන් කිරීමට ලක්වූ මාධ්‍ය සගයන් සිහිකරලා පහනක් පත්තු කරන ගමන් ඔවුන්ට අහිමි යුක්තිය වෙනුවෙන් අපි අපේ හඬ අවධිකරන්න හිතුවා. ‘අයිතිය උදෙසා මාධ්‍යවේදීන්’ සහ ‘ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය’ තමයි මේ වැඩේ සංවිධානය ක‍රන්නේ. අජිත් කුමාරසිරි, නාමිනි පංචලා, විරාන් සුසිර සංගීතය අස්සේ ඔවුන්ගේ හඬ අවධිකරාවි. විවුර්ත වීදිය වීදි නාට්‍ය කණ්ඩායමත් එනවා ඔවුන්ගේ කලර් එකත් අරගෙන මේ වැඩේ වර්ණවත් කරන්න. ප්‍රබුද්ධ දික්වත්ත ඔහුගේ අභිවාහ්‍ය කලාව සමග එදාට මෙතන ඉන්නවා. මන්රුචි සිරිවර්ධනත් එයාගේ කණ්ඩායම අරගෙන එතනට එනවා ප්‍රසාංගික යමක් කරන්න. මේ සියලු දේ සිද්ධ වෙන්නේ ජනවාරි 31 හවස 4.30 ඉඳලා හවස 6.30 වෙනකම්. කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ බුදු පිළිමය අභියස. ඉතිං ඔබත් එන්න. යුක්තිය වෙනුවෙන් මරණයට පත් කළ අතුරුදන් කළ මාධ්‍ය සඟයන්ගේ මතකයත් අරං..

attack on journalist freedom of press sri lankaattack on journalist freedom of press sri lankaattack on journalist freedom of press sri lankaattack on journalist freedom of press sri lanka

Social Sharing
නවතම