යුක්තිය පතා අගරදගුරු ජාත්‍යන්තරයට

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණත්වය පතා ස්ථිර වශයෙන්ම ජාත්‍යන්තරයට යනබව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කරති.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ ජාත්‍යන්තර සමුළුව සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරු හිමිපානන් මේ බව ප්‍රකාශ කළ අතර ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, දේශීයව නීතිය ක්‍රියාත්මක නොවීම තුළ ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විකල්පයක් කතෝලිකයන්ට නොමැති බවය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ කතෝලික සභාව සමග සම්බන්ධතා තියෙන බලවත් රටවල්වලට සාධාරණත්වය පතා අයාචනය කරන බව ප්‍රකාශ කරන ඒ හිමියන්  කතෝලික පල්ලිය ජාත්‍යන්තර සංවිධානයක් බවත් එයට ලෝකය පුරාම සම්බන්ධතා ඇති බවත් ප්‍රකාශ කරති.

Social Sharing
නවතම