වියත්මගට බනින්න එපා, මේවට වියත්මග සම්බන්ධ නෑ

ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වියත්මග නම් සංවිධානයට බැනලා වැඩක් නැති බවද, වියත්මග මේ රට පාලනය කරන්නේ නැති බවද, වියත්මග සංවිධානයේ නියෝජිතයෙක් වන වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක්ද වන නාලක ගොඩහේවා ප්‍රකාශ කරයි.

කැබිනට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව ගතහොත් එතන කිසිඳු වියත්මගේ සාමාජිකයෙක් නැති බවද, රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පමණ සිටින තැනක වියත්මග නියෝජනය කරන්නේ තුන් දෙනෙක් පමණක් බවද ඒ අනුව මේ රට දුවන්නේ වියත්මගෙන් නොවෙන බවද පැහැදිලි බව ඒ මහතා යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.

වියත්මග බුද්ධි මණ්ඩලයක් බවත්, එය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය සැකසීම සඳහා කැපවුණ බවත්, එතනින් පසුව එය ක්‍රියාවට නැන්වීම රජයේ වගකීම බවත් ප්‍රකාශ කරන ඒ මහතා, වියත්මගේ භූමිකාව එතනින් එහාට යන්නට තිබුනා කැබිනට් මණ්ඩලයේ සහ අනෙකුත් තැන්වල වියත්මග සිටියානම් යැයි ප්‍රකාශ කරයි. ඒ අනුව රජය කරන කටයුතුවල ගෞරවය ගැනීම හෝ එහි වරද භාර ගැනීම වියත්මගට කරන්නට බැරි බව ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම