එන්නත් වලට ඔරොත්තු නොදෙන කොවිඩ් වෛරසයක්!

A.30 නමැති දරුණුතම කොවිඩ් වෛරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාව ද අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මෙම කොවිඩ් ප්‍රභේදය  ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ප්‍රධාන එන්නත් කිසිවකට මර්දනය කල නොහැකි බව සොයාගෙන ඇත. මෙම වෛරස ප්‍රභේදය ගැන අද යුරෝපය ඇතුළු මුළු ලෝකය ම අවධානයෙන් පසුවේ. මෙම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවට සෞඛ්‍ය  අංශ අනතුරු අඟවයි. සියල්ල අවසන් යැයි සිතා ජනතාව කටයුතු කළහොත් එහි අනිසි ප්‍රතිඵල තව සති හතරකින් පමණ දැකගත හැකිවනු ඇතැයිද ඔහු පවසයි.  

Read More

මහජන බැංකු සිද්ධියේ සැබෑ තත්ත්වය රටට හෙළි කරන්න – ලංකා බැංකු සේවක සංගමය

අවදානමකට ලක්ව ඇති මහජන බැංකුවේ සැබෑ තත්ත්වය පිලිබඳව රජය වහාම රටේ ජනතාව දැනුවත් කළ යුතු බව ලංකා බැංකු සේවක සංගමය පවසයි. චීනය විසින් මෙරට මහජන බැංකුව අසාදු ලේඛනගත කිරිම සම්බන්ධයෙන් මේ වන විට රටේ ජනතාව මෙන්ම මහන බැංකු සේවක සේවිකාවන්ද සිටින්නේ දැඩි ලෙස ගැටලු සහගතවය. ඒ් නිසා මේ තත්ත්වය වහාම විසඳිය යුතු බව ලංකා බැංකු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. චීනයෙන් කාබනික පොහොර මිලදී ගැනීම සඳහා පොහොර සමාගමක් වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම තුළ මහජන බැංකුවේ ව්‍යාපාරික පැවැත්මට තර්ජනයක් එල්ල වී ඇති…

Read More

නීතිපතිට විරුද්ධව උසාවිය ඉදිරිපිට විරෝධතා!

Protests in court against the Attorney General

තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති  අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිචෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණයට විරෝධය දක්වමින් අතුරුදහන් කළවුන්ගේ පවුල් එකතුව කොළඹ අභියාචනාධිකරණය ඉදිරිපිට ඊයේ 29 වැනිදා  නිහඬ උද්ඝෝෂණයක නිරතවිය. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු නීතිපති වරයා ලෙස පත් කළ සංජය රාජරත්නම්ට එරෙහිව අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ විරෝධතාවය පැවැත්වෙද්දී, නීතිපතිවරයාගේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ඔවුන්…

Read More

දේශපාලන පළිගැනීම් කොමිසමේ කාලය තෙවැනි වරටත් දීර්ඝ කෙරේ.

නිල වශයෙන් කාලය අවසන් වීමට නියමිතව තිබු දේශපාලන පළිගැනිම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා පත් කල කොමිසමේ නිල කාලය මාස 06 කින් දිර්ඝ  කිරිමට රජය  පියවර ගෙන ඇත. ඒ අනුව එම කොමිසම අප්‍රේල් 28 වැනිදා දක්වා තවත් මාස 06 කින් දීර්ඝ කර ඇත .මෙසේ මෙහි කාලය දීර්ඝ කල තුන්වැන් අවස්තාව මෙය වේ. මෙහි නිල කාලය අවසන් වීමට තිබුනේ පෙරේදා (28) දිනය. 2015 වසරේ සිට ඉකුත් වසරේ නොවැම්බර් 16 දක්වා කාලය තුළ සිදු වූ දේශපාලන පළිගැනිම් සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධීපතිතුමා…

Read More

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට අගමැතිගෙන් නිවාස

Homes for victims of Easter attacks Mahinda Rajapaksa

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි අප්‍රසාදය පළ වෙමින් තිබියදී ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබා දීමට අගමැතිවරයා කටයුතු කර තිබේ. රජය නිවේදනය කර ඇත්තේ 2019 පාස්කු ඉරුදින එල්ල වූ  ප්‍රහාර මාලාවේ  කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබා දීමේ පළමු අදියරට ඔක්තෝබර් 28 වැනිදා  අග්‍රාමාත්‍යවරයා එක් වූ බවයි. පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් “අපි අනිවාර්යෙන්ම ඉටු කරනවා” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවසු බව රජය වැඩි…

Read More

තවත් කොවිඩ් රැල්ලක අනතුර වැලක්වීමට ජනපතිට වෛද්‍ය උපදෙස්!

new wave of covid in Sri Lanka SLMA

පාසැල් යළි විවෘත කිරීම හා සංචරණ සිමා ලිහිල් කිරීම නිසා වැඩිහිටියන් දරුණු ලෙස කොවිඩ් 19 වසංගතයට ගොදුරු වීම‍ට ඉඩ ඇති බවට අනාවරණය වී තිබේ. නැවතත් කොවිඩ් 19 වසංගත රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා  ජනාධිපතිට යොමු කළ පිටු තුනකින් සමන්විත උපදෙස් මාලාවක රටේ ඉහලම වෛද්‍ය විශේෂඥයන් මේ ගැන අවධාරණය කරයි. “සයිනොෆාම් එන්නත ලබා ගත් වැඩිහිටියන් සියයට හතක් කොවිඩ් 19 වයිරසයට මුහුණ දීමේ ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් වර්ධනය කර ගෙන නොමැති බව තහවුරු වී ඇත. පාසල් විවෘත කිරීම, පාසල් යළි විවෘත කිරීම හා සංචරණ සිමා ලිහිල් කිරීම නිසා කොවිඩ් වෛරසය සිය  මුනුපුරු මිනිපිරියන්ට වැළඳී…

Read More

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්?

torture act Attorney General's Department

පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් …..1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු කම්මුල් පාරක් ගැහුවත් ප්‍රසිද්ධියේ  බෙල්ලෙන් අල්ලලා පස්සට පහර දුන්නත්, පයින් යටි බඩට ගැහුවත් එහෙම නැත්නම් වධහිංසා දුන්නත් ඒ අයට විරුද්ධව ඔබ පොලිසියට පැමිණිලි කලොත් හා නීතිපති දෙපර්තමේන්තුවට පැමිණිලි කලොත් නීතිපති තුමා ඉහත නීතීය යටතේ  එම රජයේ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන්න බැඳිලා ඉන්නවා. අපි කරන්න ඔනා එතනට රටේ නීතීය තල්ලු…

Read More

නමට පමණක් ජාතික පාසල් එපා – ලංකා ගුරු සංගමය

අධ්‍යාපන අමාත්‍යංශය මගින් නමට පමණක් ජාතික පාසල් ලෙස නම්කළ මහ විද්‍යාල වල බෝඩ් ලෑලී විවෘත කිරීම පැමිණිය හොත් ඊට විරෝධය පලකරමින් විදුහල් ඉදිරිපිට විරෝධතාවන් පවත්වනා බව ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නොව රට පුරාම විදුහල්වල සේවයේ නියුතු ගුරුවරුන් ඊට විරෝධතාවය පලකරනා බව සභාපතිවරයා පැවසුවේය. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පසුගිය සමයේ ජාතික පාසල් වශයෙන් නම් කළ පාසල් වලට කිසිදු පහසුකමක් ලබානොදි දේශපාලඥයන් බෝඩ් ලෑලි විවෘත කිරීමට සූදානමක් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව පවසමින්ය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති…

Read More

ගොවියන්ට නොදෙන රසායනික පොහොර වතු හිමියන්ට!

Chemical and organic fertilizer crisis

රටපුරා ගොවියෝ පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරද්දී වැවිලිකාර සමාගම් වලට පොහොර ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. “කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තේවල ගුණාත්මක පහත වැටීමක් දක්නට ලැබීම සැලකිල්ලට ගෙන, ඇමෝනියා සල්ෆේට් ආනයනය කිරීමට රජය තීරණය කර තියෙනවා,” යයි  වැවිලි කර්මාන්ත ඇමැති රොමේෂ් පතිරණ  කැබිනට් තීරණ දැනුම් දෙමින්  පැවසීය. ලංකාවේ කෘෂිකර්මාන්තය සියයට සීයක් කාබනික කිරීමට අවශ්‍ය බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසු ගිය මැයි මාසයේ දී කෘෂි රසායන සඳහා සම්පුර්ණයෙන්ම තහනමක් පැනවීය. තේ වතු හිමියෝ  සහ අනෙකුත් ක්ෂේත්‍ර වල  ගොවීයෝ  ජනාධිපති  රාජපක්ෂගේ මෙම  ප්‍රතිපත්තිය නිසා ඇති වූයේ දැඩි කෝපයකි. කාබනික පොහොර හිඟකම…

Read More

වසංගතයෙන් සුරාබද්දට කෝටි ගණනින් පාඩුයි!

Excise department incurs losses due to Covid

රටේ පවතින කොවිඩ් වසංගත තත්වය නිසා  2021  වසර තුළ මේ වන විට පමණක් රුපියල් කෝටි 2700 ක  (බිලියන 27ක ) සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160ක් වුවද පවතිත තත්වය  හමුවේ ඊට ළගා වීම අපහසු බවයි  සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ. අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි ඒ බව අවධාරණය කර ඇත්තේ ඔක්තෝබර් 22 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුවේදී) ය. සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළව 2019 වර්ෂය සදහා වූ විගණාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද විමසා බැලීම සදහා…

Read More