සති අග අරුණ පුවත්පත ගැන පොලිස් විමර්ශනයක්!

සති අග අරුණ පුවත්පත් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ.

ඉන්දියානු පොහොර ගෙන්වීමට කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට බැර කරන ලෙස ජනාධිපති ලේකම් පි.බී ජයසුන්දර බලපෑම් කර ඇති බවට  ඔක්තෝම්බර් 24 දින සති අග අරුණ පුවත්පත වාර්තා කර තිබුණි.

ඒ අනුව මෙම පුවත් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම්වරයා  පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.

මෙම පුවත අසත්‍ය බැවින් මෙම පරීක්ෂණය සදහා සියලුම පාර්ශවයන් කැඳවන  ලෙසද ජනාධිපති ලේකම්වරයා ඉල්ලා තිබේ.

සති අග අරුණ පුවත්පත් දිලිත් ජයවීරට අයත් ලිබර්ටි පබ්ලිකේශන් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන පුවත්පතකි.

Social Sharing
නවතම