දේශපාලන පළිගැනීම් කොමිසමේ කාලය තෙවැනි වරටත් දීර්ඝ කෙරේ.

නිල වශයෙන් කාලය අවසන් වීමට නියමිතව තිබු දේශපාලන පළිගැනිම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා පත් කල කොමිසමේ නිල කාලය මාස 06 කින් දිර්ඝ  කිරිමට රජය  පියවර ගෙන ඇත.

ඒ අනුව එම කොමිසම අප්‍රේල් 28 වැනිදා දක්වා තවත් මාස 06 කින් දීර්ඝ කර ඇත .මෙසේ මෙහි කාලය දීර්ඝ කල තුන්වැන් අවස්තාව මෙය වේ. මෙහි නිල කාලය අවසන් වීමට තිබුනේ පෙරේදා (28) දිනය.

2015 වසරේ සිට ඉකුත් වසරේ නොවැම්බර් 16 දක්වා කාලය තුළ සිදු වූ දේශපාලන පළිගැනිම් සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධීපතිතුමා මෙම කොමිසම පත් කළේය.

2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, FCID, CID සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතන විසින් සිදු කරන ලද විමර්ශන නිසා 2015 ජනවාරි මස 08 වනදා සිට 2019 නොවැම්බර් 16 වනදා දක්වා දේශපාලන පලිගැනීමට ලක්වූවන් පිළිබඳව සහ ආශ්‍රිත පසුබිම සොයා බැලීම කොමිෂන් සභාව වෙත පැවරිණ.

කොමිසම බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කරන ලදි.

එහිදි පුවත් පත් දැන්වීමට අනුව ලැබුණු පැමිණිලි 1971ක් විමර්ශනයට ඉදිරිපත් කර තිබිණ. වාර්තාව වෙළුම් 03කින් සහ පිටු 2043කින් සමන්විත විය.

ත්‍රි පුද්ගල කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා වන අතර   සෙසු සාමාජිකයෝ වන්නේ  විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක හා  විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ය.

Social Sharing
නවතම