කොල්ලුරේ ගෙදර යවා වීරසුමන එයි.

අඛණ්ඩ වැඩ වර්ජනයක නියැලි සිටින ගුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක් ගැන කථා කළ වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ ගැන මෙරට බොහෝ දෙනා කථා කලේ අප්‍රසාදයෙනි.

ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපතිවරයා වු ඔහුගේ ප්‍රකාශය එම පක්ෂයේද දැඩි විවේචනයට ලක්ව තිබුණි.

ඒ් නිසා ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපති තනතුරින් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරිමට එම පක්ෂය පියවර ගෙන ඇත.

කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොළඹ පක්ෂ මූලස්ථානයට රැස් වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පත් කිරීමට කොමියුනිස්යිට් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

 

Social Sharing
නවතම