එන්නත් වලට ඔරොත්තු නොදෙන කොවිඩ් වෛරසයක්!

A.30 නමැති දරුණුතම කොවිඩ් වෛරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාව ද අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙම කොවිඩ් ප්‍රභේදය  ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ප්‍රධාන එන්නත් කිසිවකට මර්දනය කල නොහැකි බව සොයාගෙන ඇත.

මෙම වෛරස ප්‍රභේදය ගැන අද යුරෝපය ඇතුළු මුළු ලෝකය ම අවධානයෙන් පසුවේ. මෙම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවට සෞඛ්‍ය  අංශ අනතුරු අඟවයි.

සියල්ල අවසන් යැයි සිතා ජනතාව කටයුතු කළහොත් එහි අනිසි ප්‍රතිඵල තව සති හතරකින් පමණ දැකගත හැකිවනු ඇතැයිද ඔහු පවසයි.

 

Social Sharing
නවතම