SDIG රන්මල් කොඩිතුවක්කුත් මහ පාරේදි පුද්ගලයෙකුට පාට් දමා වැඩ වරද්දා ගනියි.

එරාවුර් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු මහ මඟදි තරුණයින් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියේ උණුසුම යන්නටත් මත්තෙන් පොලිස් ලොක්කෙකු මහා මාර්ගයේ සිය අවම බලය භාවිතා කර පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා වී ඇත.

සබරගමු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට මෙසේ සිවිල් වැසියෙකුට පහර දිමේ චෝදනා එල්ල වී ඇත.

ඉකුත් 25 දා දහවල් රත්නපුර – කිරිඇල්ල මාර්ගයේදී බීමතින් සිවිල් වැසියෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සබරගමු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ඊයේ (26) ප්‍රකාශ කර තිබුණි.

ඒ් අනුව ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමටද පියවර ගෙන ඇත. ඒ් පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ පොලිස් වෛද්‍ය හා සුබසාධන ඒකකයට ය.

සබරගමුව පළාතේ වැඩ ආවරණය කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම්. ගුණරත්න මහතා පත්කර ඇති  අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා මෙම තීරණය ගෙන ඇත.

රන්මල් කොඩිතුවක්කු මහතාගේ හැසිරීම කිසිසේත්ම අනුමත නොකරන අතර එය පොලිසියේ කීර්ති නාමයට බරපතළ කැළලක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ හැසිරිම සම්බන්ධයෙන් දිවයින පුවත්පත වාර්තා කර තිබුණේ මෙසේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘‘දිවයින’’ කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා කියාසිටියේ මාර්ග නීති උල්ලංඝනය කරමින් බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු පොලිස් නිලධාරීන්ට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට ඉතාම පහත් ආකාරයට පරිභව කරමින් බැණ වැදුණු බවයි.

රාජකාරියට බාධා කිරීම, මාර්ග නීති උල්ලංඝනය කිරීම සහ බීමත්ව රිය පැදවීම යන චෝදනා යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද කොඩිතුවක්කු මහතා කියා සිටියේය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඔහු කලහකාරී ලෙස හැසිරීම නිසා ඔහු පාලනය කිරීමට අවම බලය පාවිච්චි කිරීමට සිදු වූ බව ද රන්මල් කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සමාජ ජාලා වෙබ් අඩවිවල, වීඩියෝ පට වලින් සහ පුවත්පත්වලත් පළකර තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා අධික ලෙස බීමතින් මහමග ධාවනය වූ මෝටර් රථයක රියදුරකුට මහමගදී අමානුෂික ලෙස පහර දුන් බවයි. (උපුටා ගැනිම අවසන්)

 

පහර දිමේ විඩියෝව  පහත සබැඳිය හරහා

 

https://www.youtube.com/watch?v=21KX4Vm9e_8\

Social Sharing
නවතම