යක්කලමුල්ල පොලීසිය බීමතින් පුද්ගලයෙකුට පහර දී යකා නටයි!

උඩුගම අවමංගල්‍ය නිවසකට ගිය පුද්ගලයෙකුට බීමතින් සිටි යක්කලමුල්ල පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු විසින් පහර දී තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ උඩුගම මධ්‍යම, මිණිරන්වලකන්ද දරණ ලිපිණයේ පදිංචි නාගොඩ ගමගේ සුදත් සංජීව නම් විවාහක එක් දරු පියෙකි.

මොහු ස්කෙයාවේටර් රියදූරෙකු වශයෙන් සේවය කරයි. ඔහුගේ මිත්‍රයෙක් වන චාමර ඉදූනිල් යන අයගේ නිවසේ අවමංගල්‍යයක් සිදු ඇත. මොහු  පහුගිය ( 22)  එම නිවසේ පැවති මතක බණට ද සහභාගි වී එකී නිවසේ රැදී සිට ඇත.

එදින සුදත් බණ ගෙදර ගොස් තිබුනේ ඔහුගේ යතුරුපැදිය යතුරු එකී ගෙවත්ත වෙත රැගෙන යාමට නොහැකි හෙයින් එකී නිවසට ප්‍රවිශ්ඨවන නිවස ඉදිරිපිට කන්ද අසල නවතාය.

23 අලුයම සිය යතුරුපැදිය තිබේදැයි සෝදිසි කිරීමට පාරට ගිය විට යතුරුපැදි තුනකින් පැමිණි තිදෙනෙකු  බීමත්ව පැමිණ ඔහු එහි කරන්නේ කුමක්දැයි විමසා ඇත. අවමංග්‍ය නිවසේ බණට පැමිණි බව කීවද ඔහුට විවිධ අසභ්‍ය වචන වලින් බැන වදිමින්  දැඩි ලෙස සුදත්ව සෝදිසි කර ඇත.

එහිදී පරුෂ වචනයෙන් මොකද  මූණ දිහා බලන්නෙ කියා එක් පුද්ගලයකු ඔහුගේ  ෂර්ට් එකෙන් අල්ලාගෙන පහර දී ඇත. පහර දෙන ගමන් ඔහු ප්‍රදේශයේ මාල කඩන හොරෙක් බවටද චෝදනා නගා ඇත.

පසුව පැමිණි තිදෙනා සුදත්ගේ අත්දෙකට මාංචු දමා, බලහත්කාරයෙන් ඔවුන් පැමිණි යතුරු පැදියක් වෙත නංවා ගැනිමේදී සුදත් කෑ ගසා ඇත්තේ මේ අය කවුද කියා නොදන්නා හෙයින් බව කියා සිටියි.

එම කෑ ගැසීමට බණ ගෙදර සිටි සියළුම දෙනා එම ස්ථානයට පැමිණ සුදත්ගේ  නිර්දෝෂි භාවය ප්‍රකාශ කරමින් ඔහු මල ගෙදර හෙවත් බණ ගෙදර, අඛන්ඩව දින කීපයක් නිදිවර්ජිතව පසු වූ බව ප්‍රකාශ කරමින් මාව මුදා හරිනා ලෙසට කාරුණිකව ඉල්ලා ඇත.

නමුත් බීමත්ව සිටි තිදෙනා විසින් කියා ඇත්තේ සුදත් උඩුගම සිට පැමින චේන් කඩා ඇති බවත්, කුඩු කිලෝ දෙකක් ලඟ තිබී  අත්තඩංගුවට ගත් බවත්ය.

පොලීසිය වෙත රැගෙන ගොස් නිදහස්කරන බව ප්‍රකාශ කරමින්  ඔහුව ත්‍රී රෝද  රථයක දමාගෙන යක්කල මුල්ල පොලීසිය වෙත අළුයම 03.00 ත් 03.30 ට පමණ රැගෙන ගොස් එක් නිළදාරියකු විසින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් සුදත්ගේ කරේ තිබූ රත්තරං මාලය හා සුදූ යකඩ මාලය අතින් ඇද කඩා මේවම තෝ කඩපු මාල කියා නඩු භාණ්ඩවලට දමනවා කියා පහර දී සිර මැදිරියට දමා ඇත.

එදින දහවල් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් ඉදිරිපත් කර ඇත්තේ  සුදත් සන්තකයේ ගංජා හා නීති විරෝධී පිහියක් තබා ගැනීම හා රාජකාරියට බාධා  කිරීම යන සාවද්‍ය චෝදනා ගොණු කරමින් බව සුදත් පවසයි.

එහිදී  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් එක්ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇත.

සුදත් මේ පිලිබඳ මානව හිමිකම් කොමිසමට මෙන්ම ගාල්ල උසස් පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව පැමිණිලි කරමින් ඉල්ලා සිටින්නේ ඔහුට සිදු වූ අසාධාරණය පිලිබඳ වහා ස්වාධීන, අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා සාධාරණයක් ඉටු කරන ලෙසටය.

මීට පෙරද මෙවැනි පහර දීමක් යක්කලමුල්ල පොලිස් නිලධාරින් පිරිසක් විසින් සිදු කර තිබුණි. ඒ රාත්‍රියේ පාමසියට ගිය පුද්ගලයෙකුටය. ඔහුද මේ පිලිබඳව යක්කලමුල්ල පොලිසියට එරෙහිව පැමිණිලි කර තිබුණි.

වීඩියෝව සඳහා පිවිසෙන්න 👉 https://www.facebook.com/aithiya.lk/videos/571835764123308

Social Sharing
නවතම