නැගෙනහිර පළාතේ තරුණයන් දෙදෙනකුට නිල ඇදුමින් සැරසී සිටින පොලිස් නිලධාරියෙක් අමානුෂික ලෙස පහර දෙනු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල වේගයෙන් සංසරණය වෙමින් පවතී.
ඔක්තෝබර් 22 වැනි සිකුරාදා හවස් යාමයේ එරාවුර් නගරයේදී 61169 අංකය පැළඳි රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් මෙම පහරදීම කර තිබේ.
තරුණයන් දෙදෙනා රාත්‍රී ආහාරය ලබා ගැනීම සදහා යතුරු පැදියෙන් නගරයේ පිහිටි අවන්හලක් වෙත පැමිණෙමින් සිටියදී යතුරුපැදිය නතර කරන ලෙස පොලිස් නිලධාරියා කළ අණ කිරීම නොකතා ඔවුන් යතුරුපැදිය ධාවනය කර තිබේ.
ඔවුන් පසුපස පැමිණි පොලිස් නිලධාරියා තරුණයන් දෙදෙනාට අසභ්‍ය වචනයෙන් බැන වැදී අතින්, පයින් වැලමිටෙන් පහර දෙන ආකාරය වීඩියෝවේ දැක්වේ.
යතුරු පැදිය ධාවනය කළ තරුණයාගේ හිස පැළඳ සිටි හෙල්මටය පොලිස් භටයා විසින් ගලවා විසිකර වැරෙන් කනට ගැසීමෙන් අනතුරුව එම තරුණයා හඬමින් කන අල්ලාගෙන සිටිනු දැකිය හැකිය.
මෙහිදී යතුරු පැදිය ධාවනය කළ තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති.
පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී මෙන්ම පොලිස් අත්අඩංගුවේදී වධ හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී.
වීඩියෝව පහතින්..
https://www.facebook.com/aithiya.lk/videos/855668858480612