මැද පෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් මෙරට ආර්ථිකයට අහිතකර බලපෑම් සිදු විය හැක – මහ බැංකුව

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් වෙත එමගින් එල්ල වන අහිතකර බලපෑම් ඉදිරි කාලයේ දී තීව්‍ර විය හැකි බව මහ බැංකුව පවසයි.

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, විශේෂයෙන් බල ශක්ති, සංචාරක, වෙළඳ, සහ ප්‍රේෂණ හරහා ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ඉදිරි දැක්ම කෙරෙහි බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව ද මහ බැංකුව ඊයේ (25) නිකුත් කළ නවතම මූල්‍ය ප්‍රතිපත්ති විවරණයේ සදහන් වේ.
එම වාර්තාවේ මෙසේ ද සදහන් වේ.

‘මැදපෙරදිග යුද ගැටුම්කාරී තත්ත්වයේ සමස්ත බලපෑම තවදුරටත් අවිනිශ්චිතව පවතී. 2026 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා රුපියල සාපේක්ෂ වශයෙන් ස්ථායිව පැවතිය ද මැදපෙරදිග කලාපයේ ගැටුම් ආරම්භ වීමත් සමඟ කලාපයේ අනෙකුත් රටවල විනිමය අනුපාතිකවල දක්නට ලැබුණු ආකාරයෙන්ම ශ්‍රී ලංකා රුපියලෙහි ද යම්කිසි පිරිහීමේ (අවප්‍රමාණය වීමේ) පීඩනයක් නිරීක්ෂණය විය.

2026 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා රුපියල සාපේක්ෂ වශයෙන් ස්ථායීව පැවතිය ද මැදපෙරදිග කලාපයේ ගැටුම් ආරම්භ වීමත් සමඟ කලාපයේ අනෙකුත් රටවල විනිමය අනුපාතිකවල දක්නට ලැබුණු ආකාරයෙන්ම ශ්‍රී ලංකා රුපියලෙහි ද යම්කිසි අවප්‍රමාණය වීමේ පීඩනයක් නිරීක්ෂණය විය.

උපුටා ගැනීම දිවයින

Social Sharing
ආර්ථික පුවත්